hit counter

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා

2025 අගෝස්‍තු 29, පෙ.ව. 8:10



සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා සිම්බාබ්වේ කණ්ඩායම අතර එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද සිම්බාබ්වේ දේශයේ හරාරේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබේ.

මෙම තරගය වෙනුවෙන් කණ්ඩායම දෙකම පුහුණුවීම්වල ඊයේ නිරතව සිටියේය.

අංක හතර ස්ථානයේ සදීර සමරවික්‍රම ක්‍රීඩා කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායක චරිත් අසලංක මාධ්‍ය හමුවට එක්වෙමින් කියා සිටියා.

තරගය අද සවස 1ට ආරම්භවීමට නියමිතව තිබේ.

අද තරගයට එක්විය හැකි ශ්‍රී ලංකා කණ්ඩායම 

  1. පැතුම් නිස්සංක 
  2. නිෂාන් මධුෂ්ක 
  3. කුසල් මෙන්ඩිස් 
  4. සදීර සමරවික්‍රම 
  5. කමිඳු මෙන්ඩිස් 
  6. චරිත් අසලංක 
  7. දුනිත් වෙල්ලාලගේ 
  8. මහීෂ් තීක්ෂණ 
  9. ජෙෆ්රි වැන්ඩර්සේ / ඩිල්ෂාන් මධුශංක 
  10. දුෂ්මන්ත චමීර 
  11. අසිත ප්‍රනන්දු