hit counter

2024 දෙසැම්‍බර් මස 23 වන සඳුදා

2022 ජූලි 14, ප.ව. 2:15



දමිතා අබේරත්න කියලා කියන්නේ අපේ කලා ක්ෂේත්‍රයේ ඉන්න කවුරුත් ආදරය කරන දක්ෂ, ජනප්‍රිය, ප්‍රවීණ රංගන ශිල්පිනියක්.

දශක තුනකට අධික කාලයක් මුළුල්ලේ කලා නිර්මාණ ගොන්නකින් ප්‍රේක්ෂක හදවතේ ලැඟුම් ගන්නට සමත් මේ අති දක්ෂ රංගන ශිල්පිනිය සරසවිය සම්මාන, ජනාධිපති සිනමා සම්මාන, සිග්නීස් සම්මාන, සුමති ටෙලි සම්මාන, රයිගම් ටෙලි සම්මාන ඇතුළු ජාතික මෙන්ම අන්තර්ජාතික සම්මාන උලෙළවලදී හොඳම නිළිය ඇතුළු සම්මාන ගොන්නකට හිමිකම් කියන්නියක්.

2004 වසරේදී “සුළං කිරිල්ලී” සිනමා පටයේ පෑ රංග ප්‍රතිභාව උදෙසා සරසවිය සම්මාන උලෙළේදී හොඳම නිළිය ලෙස සම්මානයට පාත්‍ර වන්නට පවා ඇයට වාසනාව හිමි වුණා.

බොහෝ අවස්ථාවන්වලදී සමාජ සත්කාර සේවාවන් වලටත් තමන්ට හැකි අයුරෙන් පෙනී සිටින ඇය නිතරම ජනතාවගේ පැත්තේ හිට ගත්තු කලාකරුවන් අතර එක්කෙනෙක්.

එනිසාම ජනතාවගේ ප්‍රශ්න ගැටළු බොහෝ දේවල් අභියස ඇයත් සංවේදී වුණා.

ඉතින් වර්තමානය වන විට රට තුළ පවතින ව්‍යාකූල තත්වය නිසා බොහෝ කලාකරුවන් තමන්ගේ මතය ඉදිරිපත් කරන්න පාරට බැහැලා තමයි ඉන්නේ.

ඒ අතරින් බයක් සැකක් නැතුව කියන්න තියෙන දේ කෙලින්ම කියමින් තමන්ගේ අදහස ඉදිරිපත් කරන්නත් දමිතා අබේරත්න අමතක කරේ නැහැ.

බොහෝ දෙනෙක් නිහඩ වෙලා ඉන්න අවස්ථාවක කෙලින්ම රජයට දැනෙන්න කරපු ඒ කතාව පිළිබඳව ගොඩක් දෙනෙක් ඇයට ස්තුතිවන්ත වෙලා තිබුණා.

පසුගිය දිනකත් ඇය පවතින තත්ත්වය ගැන මෙලෙස මුහුණු පොතට සටහනක් එකතු කර තිබුණා.

“අරගලය පටන් ගත්තා පමණි. දවස් ගණනක් දූෂණයට, විනාශයට සහ හොරා කෑමට විරුද්ධව සටන් කළෙමි. අපේම සහෝදරවරුන් වෙනුවෙන් ගිණියම්වූ අව්වේ වගේම මහ වරුසා මැද මා ඉපදුනු පුන්‍යභූමිය වෙනුවෙන් අවන්කව සටන් කළෙමි. කෙනෙක් මට පැත්තකට වන්නට යැයි කීවේය. තවකෙක් මම සල්ලි ගන්නවා යැයි කීවේය. තව කෙනෙක් මම ණයට කහිනවා යැයි කීවේය.  ඒ අතර තවත් අය මට යුගයේ යකඩ ගැහැණිය යැයි කීවේය, තනිවම අරගල කරණ රංගණ ශිල්පිනිය යැයි කීවේය. කෙසේ වෙතත් මේ සියල්ලන්ටම මම මගේ හදවතින්ම ස්තූතිවන්ත වෙමි. මගේ උපන් දේශය වෙනුවෙන් අවන්කව යමක් කරානම්  මේ සංසාරයේ මගේ දැන ගෙන කළ වරදක් ඇත්නම් හෝ නොදැන කළ වරදක් ඇත්නම් ඒ වැරදි කමා කරගෙන යහතින් නීරෝගීව ජීවත් වෙන්නට මේ පිනම මට ඇති බව මගේ විශ්වාසයයි. ඉතින් ඔබට තව වාරයක් ස්තූතීයි. අරගලය පටන් ගත්තා පමණි.