hit counter

2025 සැප්‍තැම්‍බර් මස 01 වන සඳුදා

2025 සැප්‍තැම්‍බර් 01, පෙ.ව. 12:05



වත්මන් දේශපාලන වටපිටාව තුළ දේශපාලන අධිකාරියෙන් පොලීසිය මත බලපෑමක් තිබෙනා බවත් එම බලපෑම පවතින්නේ නිවරදී දේ කිරීමටත් නීතිය බලාත්මක කර ඒ අනුව කටයුතු කිරීමට පමණක් බවත් පොලිස්පතිවරයා පැවසීය.

ඔහු මේ බව පැවසූවේ සිරස රූපවාහිනියේ ‘ඉලක්කය’ රූපවාහිනී වැඩසටහනට සහභාගී වෙමිනි.

එමෙන්ම මේ වනවිට තම දෑත් බැඳ දමා නොමැති බැවින් නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා උපරිම බලය තමා වෙත ලැබී ඇති බවත් ප්‍රියන්ත වීරසූරිය මහතා පැවසීය.

සැමට සාමකාමී පරිසරයක් ගොඩනැගීමේ ශ්‍රී ලංකා පොලීසියේ දැක්ම ක්‍රියාත්මක කිරීම තම එකම අභිප්‍රාය බව පැවසූ පොලිස්පතිවරයා මේ මොහොතේ එය සිදුකළ නොහැකිනම් එය තමාගේ නොහැකියාව බව පිළිගන්නා බවද සඳහන් කළේය.

අධිකරණ ක්‍රියාවලියේදී ශ්‍රී ලංකා පොලීසියට ශක්තිමත් නීති සහයක් ලබාගැනීම සඳහා අවශ්‍ය නීතිඥයන් බඳවාගැනීම් සිදුකිරීමටත් ඒ හරහා පොලීසිය සතු දක්ෂ නීතිඥ කණ්ඩායමක් හරහා නඩු මෙහෙයවීමටත් බලාපොරොත්තු වන බව ප්‍රියන්ත වීරසූරිය මහතා සඳහන් කළේය.

ඔහු වැඩිදුරටත් පැවසූවේ පොලීසියේ බඳවා ගැනීමේ සුදුසුකම් ඉහළ දැමීමට තීරණය කර ඇති බැවින් පොලිස් කොස්තාපල් තනතුර සඳහා අ.පො.ස උසස්පෙළ සමතුන් බඳවා ගැනීමත් උප පොලිස් පරීක්ෂක තනතුරු සඳහා උපාදිය අනිවාර්‍ය කිරීමත් ලබන වසරේ සිට ක්‍රියාත්මක කරනා බවයි.