2025 සැප්තැම්බර් 09, ප.ව. 1:34
2025 ආසියානු කුසලාන තරගාවලිය අද දිනයේදී එක්සත් අරාබි එමීර් රජ්‍යයේදී ආරම්භ වීමට නියමිතයි.
තරගාවලිය මූලික වටයේ A කාණ්ඩයෙන් ඉන්දියාව, පාකිස්තානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඕමානය ද B කාණ්ඩය යටතේ ශ්‍රී ලංකාව, ඇෆ්ගනිස්තානය, බංග්ලාදේශය සහ හොංකොං ද තරගවදී.
ශ්‍රී ලංකා කණ්ඩායම එළඹෙන 13වනදා බංග්ලාදේශය සමග ද ,15 වනදා හොංකොං සහ 18 වනදා ඇෆ්ගනිස්තානය එරෙහිව ද තරග වදියි.
හොංකොං කණ්ඩායම සමගින් ඇෆ්ගනිස්තාන කණ්ඩායම අද රාත්‍රියේ අබුඩාබිහිදී තරග වදිනවාය.
මූලික වටයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමිකරගැනීමට සමත් වන කණ්ඩායම් දෙක බැගින් සුපිරි 4 දෙනාගේ වටයට එක්වන අතර එයින් පෙරමුණ ගන්නා කණ්ඩායම් දෙක අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි.
ආසියානු T20 තරගාවලියේ අවසන් මහා තරගය සැප්තැම්බර් මස 28 වනදා ඩුබායිහිදී පැවැත්වීමට නියමිතයි.
2025 සැප්තැම්බර් 08, ප.ව. 6:26
2025 සැප්තැම්බර් 08, පෙ.ව. 10:36
2025 සැප්තැම්බර් 07, ප.ව. 12:03
2025 සැප්තැම්බර් 07, පෙ.ව. 11:10
2025 සැප්තැම්බර් 03, ප.ව. 11:40