hit counter

2026 මාර්තු මස 15 වන ඉරිදා

2025 සැප්‍තැම්‍බර් 10, පෙ.ව. 10:13



ඇඹිලිපිටිය නව නගරයේ ගරාජයක සඟවා තිබියදී පියල් මනම්පේරි නමැත්තාගේ සහෝදරයෙකු වන සම්පත් මනම්පේරිට අයත් බව කියන මෝටර් රථයක් අද (09) ඇඹිලිපිටිය පොලීසිය විසින් සොයාගෙන තිබේ.

එම මෝටර් රථය සම්බන්ධයෙන් ගරාජයේ හිමිකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී හෙළිවී ඇත්තේ මීට දින 4කට පෙර පුද්ගලයෙකු පැමිණ මෙම මෝටර් රථය සම්පත් මනම්පේරිට ලබාදෙන ලෙස පවසමින් අදාළ මෝටර් රථය එහි දමා ගිය බවය.

සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයෙකු වූ කෙසෙල්බද්දර පද්මේ නැමැත්තාට අයත් බව කියන මිද්දෙණියේදී හසුවූ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍ය අඩංගු බහාලුම් දෙක සඟවා තැබූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් සම්පත් මනම්පේරිට චෝදනා එල්ලවී තිබේ.

මේ අතර පියල් මනම්පේරි නමැත්තාගේ සහෝදරයෙකු වන සම්පත් මනම්පේරි නමැත්තාගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීමට පසුගියද‍ා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පියවර ගෙන තිබුණි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: