2025 සැප්‍තැම්‍බර් 11, පෙ.ව. 9:39
තමන්ට එන්තර වාසියක් එවා අපහාස වන්දි රුපියල් බිලයනක් ඉල්ලූ නාමල් රාජපක්ෂ නියමිත දිනයේ දී කොළඹ දිසා අධිකරණයේ අදාල නඩුව පැවරුවේ නැතිනම් හරස් ඉල්ලීමක් කර තමන් නාමල් රාජපක්ෂට එරෙහිව නඩුවක් පවරන බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල ඊයේ (10) පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.
ඔහු මේ බව පැවසුවේ පසුගිය 07 වැනිදා මත් කුඩු ජාවාරම් සම්බන්ධව නාමල් රාජපක්ෂගේ ඡායාරූපයක් ද පෙන්වමින් සුනිල් වටගල සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධව අපහාස නඩුවක් පවරන බවට එවූ එන්තරවාසියක් පිළිබඳව පාර්ලිමේන්තුවේ දී මතු වූ කරුණකට පිළිතුරු දෙමිනි.
එහි දි නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසුවේය.
මේ ගරු සභාවේ කියැවුනා චානක මන්ත්‍රී තුමා විසින් ඔහුගේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මා වෙතඑන්තර වාසියක් එවා ඇති බව. සමාජ මාධ්‍ය පරිහරණය කළාම එන්තරවාසිය සමාජ මාධ්‍යයේ තියනවා. නිල වශයෙන් මට ලැබිලා නෑ.
එතුමා දාන්න යන්නේ අපහාස නඩුවක්. මම හිතන්නේ එතුමා උසාවියේ ප්‍රැක්ටිස් කළේ නැති නිසා දන්නේ නැතිව ඇති අපහාස නඩුවක ස්වභාවය. අපහාස නඩුවක ප්‍රධාන ස්වභාවය තමයි ගරු මැතිනියනි අපහාස නඩුවක පැමිණිලි කරුගෙන් විත්තිකරුට ඕනෑම ප්‍රශ්නයක් අහන්න පුලුවන්. වෙනත් නඩුවල බෑ. විෂයට අදාල කාරණා විතරයි. විෂයෙන් පරිබාහිර ඕනෑම ප්‍රශ්නයක් අහන්න තියන එකම නඩුව අපහාස නඩුව.
ඒක හින්දා විශේෂයෙන්ම පැමිණිලිකරු වීදුරු ගෙවල්වල ඉන්න හොඳ නෑ. දැන් වීදුරු ගෙවල්වල ඉන්න මහත්තයෙක් අපට ඇඟිල්ල දික් කරලා කියනවා දැන් ඔයාට රුපියල් බිලියනයක් ඉල්ලලා එන්තරවාසියක් එව්වා කියලා . මේ එන්තරවාසියේ පිටපතක් සමාජ මාධ්‍යයකයින් පිටපතක් ගත්තා. ඒකේ එකම සාධකයයි. චරිතය තමයි විෂය ගත කාරණාව වෙන්නේ. අපහාස නඩුවක් දාන කෙනා පිරිසිදු දෑතින් ඉන්නවා නම් චරිතය තමයි ප්‍රශ්නය වෙන්නෙ. එතකොට එතුමාගේ චරිතය සුද්ද වෙන්න ඕන.
කියනවා. අද ඉඳන් දින 14යි දීලා තියෙන්නේ. මම හිතන්නේ ඒ දිනය ලබන 24 හෝ 25 වෙන්න ඕන. 25 වැනිදා ඔබතුමා කොළඹ දිසා අධිකරණයේ නඩුව දාන්න. නඩුව දැම්මට පස්සේ මට තියනවා හරස් ප්‍රශ්න කීපයක් අහන්න. මොකද එතුමාගේ මූලික සාක්කිනේ. ඊට පස්සේ මට තියෙන්නෙ හරස් ප්‍රශ්න අහන්න. හරස් ප්‍රශ්න අහන කොට මම අහනවා නීතී විද්‍යාලයට ඇතුළත් වීම සඳහා ඔබ අවම සුදුසුකම් සපුරා ඇත්ද?. තව අහනවා එංගලන්තයේ සිටි විශ්ව විද්‍යාලයේ නීති වේදී උපාධිය සත්‍ය උපාධියක්ද.
දෙවැනි එක ඔබ නීති විද්‍යාලයේ අවසන් විභාගය සමත් වීමේ දී වෙනම කාමරයක සිට එම නීති විද්‍යාලයේ නීති විභාගය ලිවීම තුළින් නිසි සුදුසුකම්ස පුරා ඇත්ද?
තුන… තාජුඩීන් ලසන්ත වික්‍රමතුංග, එත්නැලිගොඩ ඇතුළු ඝාතන රාශියකට ඔබ ඇතුළු ඔබ ඇතුළු ඔබේ පවුල සම්බන්ධද?
ඊලඟ ප්‍රශ්නය… ජුලම්පිටිය අමරේ නාමල් රාජපක්ෂගේ බොඩි ගාර්ඩ් ද?
අන්තිම ප්‍රශ්නය අහන්නේ… එස්. ටී. එෆ් එක හඹා එද්දී නිමල් ලන්සා නැමැත්තෙකු ඔබතුමාගේ පියා විසින් ඔහුව ආරක්ෂා කිරීමේ මුවාවෙන් බදා ගත්තේ ද?
ඔන්න ඔය හරස් ප්‍රශ්න ටික අහනවා.
මම කියනවා අනිවාර්යයෙන් තව දින 14කින් මේ නඩුව දාන්න. නැතිනම් මම මොකක්ද දන්නවද කරන්නේ. නඩුවක තියනවා හරස් ඉල්ලීම කියලා එකක්.
මම ඉල්ලනවා ඔයගොල්ලන්ගෙන් වන්දි. අන්න ඒක දැනගන්න.
2025 සැප්‍තැම්‍බර් 11, ප.ව. 2:01
2025 සැප්‍තැම්‍බර් 11, ප.ව. 1:59
2025 සැප්‍තැම්‍බර් 11, ප.ව. 1:09
2025 සැප්‍තැම්‍බර් 11, පෙ.ව. 11:18
2025 සැප්‍තැම්‍බර් 11, පෙ.ව. 10:59
11-09-25
11-09-25
11-09-25
11-09-25
11-09-25
11-09-25
11-09-25
11-09-25
11-09-25
11-09-25
11-09-25
11-09-25
10-09-25
10-09-25
10-09-25
10-09-25
10-09-25
10-09-25
10-09-25
10-09-25
10-09-25
10-09-25
10-09-25
10-09-25