2025 සැප්‍තැම්‍බර් 13, ප.ව. 5:13
හිටපු ජනාධිපතිවරුන් සහ හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ බිරිඳ හේමා ප්‍රේමදාස මහත්මිය සඳහා පසුගිය වසර නවය තුළ ( 2017 සිට 2025 දක්වා) රුපියල් කෝටි 49කට වැඩි මුදලක් වැය කර ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසන බවට “ලංකාදීප” පුවත්පත වාර්තා කර තිබෙනවා.
මෙම මුදල් ඔවුන්ගේ විශ්‍රාම වැටුප්, නිල නිවාස නඩත්තු කිරීම, වාහන සහ වෙනත් වියදම් සඳහා වැය කර ඇති බව සඳහන්.
දෙවැනි විධායක ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ බිරිඳ හේමා ප්‍රේමදාස මහත්මියට විශ්‍රාම වැටුපක් ලෙස රුපියල් 65,000ක්ද, ලේකම් දීමනාවක් ලෙස රුපියල් 23,000ක්ද ලබාගෙන තිබෙනවා.
KW 1218 සහ KY 5787 යන නිල වාහන දෙකක්ද ඇයට හිමි වී ඇති බව සඳහන්.
චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය වෙනුවෙන් කොළඹ 07, නිදහස් මාවතේ නිල නිවසක් ලබා දී ඇති අතර, ඇයට ලබා දී ඇති විශ්‍රාම වැටුප රුපියල් 97,500ක්.
ලේකම්වරයා සඳහා රුපියල් ලක්ෂයක දීමනාවක් ලබා දී ඇති අතර, KV 6807 සහ KW 0461 යන වාහන දෙකක්ද ඇයට හ්මි වී තිබෙනවා.
මෙම වසරේදී පමණක් ඇගේ නිල නිවස අලුත්වැඩියා කටයුතු සඳහා රුපියල් 33,105ක් වැය කර තිබෙන බව තවදුරටත් සඳහන්.
මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් කොළඹ 07, විජේරාම මාවතෙන් නිල නිවසක් ලබා දී තිබූ අතර ඔහුට හිමි විශ්‍රාම වැටුප රුපියල් 97,500ක්.
ඔහුගේ ලේකම්වරයාගේ දීමනාව වශයෙන් රුපියල් 50,000 ක් ලබාදි තිබෙන අතර A 295414 සහ CAX 0559 යන නිල වාහන දෙකක්ද ඔහුට ලබා දී තිබෙනවා.
මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවස අලුත්වැඩියා කිරීම සඳහා පමණක් රුපියල් කෝටි 51කට අධික මුදලක් වැය කර තිබෙනවා.
එමෙන්ම විදුලි ජනක යන්ත්‍ර සඳහා ඩීසල් ලීටර් 210ක්ද ලබා දී ඇති බව සඳහන්.
මෛත්‍රීපාල සිරිසේන මහතාට කොළඹ 07, හෙක්ටර් කොබ්බෑකඩුව මාවතෙන් නිල නිවසක් ලබා දී තිබූ අතර, ඔහුගේ විශ්‍රාම වැටුප රුපියල් 97,500ක්.
ඔහුට රුපියල් ලක්ෂයක දීමනාවක්ද, හිටපු ජනාධිපත්වරයාගේ පාවිච්චියට CAR 8775 සහ CBH 7597 යන නිල රථ දෙකක් ලබා දී තිබෙනවා.
ගෝඨාභය රාජපක්ෂ මහතාට නිල නිවසක් වෙන් කර නැති අතර ඔහුට හිමිවන විශ්‍රාම වැටුප රුපියල් 97,500ක් වන අතර, ඔහුගේ ලේකම්වරයාට රුපියල් ලක්ෂයක දීමනාවක් හිමි වි තිබෙනවා.
CBO 7521 සහ PK 7090 යන වාහන දෙකක්ද ඔහුට හිමි වී ඇති බව සඳහන්.
රනිල් වික්‍රමසිංහ මහතාද නිල නිවසක් ලබාගෙන නොමැති අතර ඔහුගේ ලේකම්වරයාට රුපියල් ලක්ෂයක දීමනාවක් හිමි වූ අතර, CAV 8103 සහ KX 5301 යන නිල වාහන දෙකක්ද ඔහුට හිමි වී තිබෙනවා.
2025 සැප්‍තැම්‍බර් 13, ප.ව. 5:09
2025 සැප්‍තැම්‍බර් 13, ප.ව. 5:06
2025 සැප්‍තැම්‍බර් 13, පෙ.ව. 12:11
2025 සැප්‍තැම්‍බර් 13, පෙ.ව. 12:07
2025 සැප්‍තැම්‍බර් 13, පෙ.ව. 12:06
05-08-25
05-08-25
04-08-25
04-08-25
18-06-25
18-06-25
20-06-24
20-06-24
12-04-24
12-04-24
09-03-24
09-03-24
19-02-24
19-02-24
15-02-24
15-02-24
08-02-24
08-02-24
21-01-24
21-01-24
17-01-24
17-01-24
09-01-24
09-01-24