hit counter

2026 අප්‍රේල් මස 30 වන බ්‍රහස්පතින්දා

2025 සැප්‍තැම්‍බර් 05, ප.ව. 12:18



ඊයේ රාත්‍රී ඇල්ල – වැල්ලවාය මාර්ගයේදී සිදුවූ බස් අනතුරකින් තුවාල ලබා මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ගනිමින් සිටිනා තරුණයෙක් තමා මුහුණදුන් අද්දැකීම මෙසේ විස්තර කළේය.

“ඇල්ල හරියෙදි වංගුවක් ගාවින් කිව්වා බ්‍රේක් නැහැයි කියලා.. මම බොනට් එක උඩ ඩ්‍රයිවර් එක්ක කතා කර කර ආවේ.. එතකොට කොන්දොස්තරත් හිනා වුනා.. ඒ ලඟ හිටපු අනෙක් අයත් හිනා වුනා.. බොරු කියන්න එපා කියලා..

ඊට පස්සේ දෙවනි වංගුවේදී තමයි කිව්වේ නෑ ඇත්තටම බ්‍රේක් නෑ කියලා.. ඊටපස්සේ කපන්න ගත්තා.. ඊට පස්සේ තමයි අපි හිතුවේ ඇත්තටම බ්‍රේක් නෑ කියලා.. ඉස්සරහා වාහනයක් ආවා.. ඒකෙ වැදිලා තමයි පල්ලමට ගියේ..

ඒ වෙලාවේ හිතුනා ඉවරයි කියලා.. සිහිය ඇවිත් ඇස් ඇරලා බලද්දී තවම ඉන්නවා.. වැටිලා පැයක් විතර යනකම් මට සිහිය තිබුනේ නෑ..

පොඩි එක්කෙනෙක් කෑ ගහන සද්දේ ඇහිලා මට ඇහැරුනා.. ඊට පස්සේ බඩගාගෙන ගිහින් ළමයත් අරගෙන එළියට ඇවිත් කෑ ගැහුවා.. ටික වෙලාවකින් STF එකෙන් ආවා..