hit counter

2025 මාර්තු මස 13 වන බ්‍රහස්පතින්දා

2024 මැයි 16, පෙ.ව. 12:04



සංගීත ක්‍ෂේත්‍රය තුළ විවිධ කාලවලදී විවිධ මාතෘකා ගැන වැඩිපුර කතා කරනවා, මේ දිනවල ප්‍රධාන මාතෘකාවක් වී තිබෙන්නේ ගායක ගායිකාවන් අය කරන මිල මුදල් ගැනයි. එහිදී දෙරණ ඩ්‍රීස්ටාරි තුළින් කරළියට ආ අංජලී හෙරත් ගැනත් කතා කරනවා, ඒ ඇය සංගීත ප්‍රසංගයක් සඳහා ලක්‍ෂ 2 ක මුදලක් ඉල්ලා සිටියා යැයි කියන කාරණයත් එක්ක. ඇත්තටම මේ කතාවල ඇති අපි නොදන්න කතාව මොකක්ද? අපි අංජලීව මුණගැහුණේ ඒක ගැන අහන්නයි.

තමන්ගේ ගම වෙච්ච අනුරාධපුරයේ ප්‍රසංගයකට ගීත ගයන්න අංජලී ලක්ෂ දෙකක් ඉල්ලුවද?

මේ දවස්වල හැමෝම කතා වෙන්නේ ඒ ගැන. ඔව්, කවුද කෙනෙක් මං එහෙම මුදලක් ඉල්ලුවා කියලා ෆේස්බුක් පෝස්ට් එකක් දාලා තිබුණා. පස්සේ ඒක ෆේස්බුක් එකේ හැම තැනම ෂෙයාර් වෙලා තමයි ඔය රැල්ල හැදුණේ. ඇත්තම කතාව නම් මං අනුරාධපුරයේ ඔය කියන විදිහේ ප්‍රසංග යක් භාරගත්තේ නෑ. ඩ්‍රීම්ස්ටාර් වුණත් හරි දැනට මං අනුරාධපුරය අවට ප්‍රසංගවලට ගියේ දෙසැරයයි. එක ප්‍රසංගයක් අනුරාධපුරේ තිබුණේ. අනෙක තලාවේ.

ඒ ගිය ප්‍රසංග දෙකටවත් ඔය කියන තරමේ මුදලක් ගත්තේ නැද්ද?

(සිනා සෙමින්) අපොයි නෑ. ඒ දෙක කරපු සංවිධායකයන් මං දන්න අය. ඉතින් මං එයාලට කිව්වේ, “මං කොළඹ ඉඳන් එකට එන්නේ. ඔයාලා බලලා කියක් හරි දෙන්න ” කියලා. මොකද දැන් මම ඉන්නේ කොට්ටාවේ.

කොහොම හරි ඔය සිදුවීමත් එක්ක ඔබට ප්‍රසංගත් අඩුවෙන්න ඇති?

අනේ නෑ. වෙනදා වගේම ප්‍රසංග ලැබුණා.

නොකියා කියන්නේ ඒ ලක්ෂ දෙකේ කතාවෙන් ඔබට වරදක් වුණේ නෑ කියන එකද?

ඔව්. ඒ ලක්ෂ දෙකේ රැල්ලෙන් මට වරදක් වුණේ නෑ. ඒකෙන් මගේ ජනප්‍රිය බව තිබුණට වඩා ඉහළ ගියා. මාව නොදන්ත අය පවා මේ සිදු වීමෙන් පස්සේ මාව දැනගත්තා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: