2022 ජූලි 01, ප.ව. 1:43
අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගලෙන්බිදුණුවැව අධ්‍යාපන කොට්ඨාසයේ ගලෙන්බිදුණුවැව අධ්‍යාපන කලාප කර්යාලයට අයත් තක්ෂිලා මහ විදුහලේ අධ්‍යාපනය ලබන දරුවන් 13 අනතුරකට ලක්ව රෝහල ගත කර තිබෙනවා.
ඒ දරුවන් අතරින් දරුවන් තුන් දෙනෙක් අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවයි කියන්නේ.
තම පාසල වෙත යාමට සුදානම්ව මහ මාර්ගයට පැමිණි දරුවන් තිදෙනෙකු පාසල වෙත යාම සදහා සුපුරුදු ප්‍රවාහන පහසුකම් නොමැතිව රැඳී සිටිය දී ඒ අසලට පැමිණි කුඩා ලොරි රථයක් දරුවන් පාසලට රැගෙන යාමට කටයුතු කර තිබෙනවා.
එහෙත් දරුවන් වැඩි දෙනෙකු එම ලොරි රථයට නැගීම හේතුවෙන් බර උසුලා ගත නොහැකිව ලොරියේ තට්ටු කඩා වැටී සිසුන් කිහිප දෙනෙකු තුවාල ලැබූ බවයි වාර්තා වන්නේ.
පසුව ප්‍රදේශයේ ජනතාව එක්ව එම දරුවන් ගලෙන්බිදුණුවැව ග්‍රාමීය රෝහලට ඇතුළත් කර තිබෙනවා.





2026 අප්‍රේල් 26, පෙ.ව. 12:15
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:12
2026 අප්‍රේල් 25, පෙ.ව. 12:13
2026 අප්‍රේල් 24, ප.ව. 3:45
2026 අප්‍රේල් 24, පෙ.ව. 10:06