hit counter

2024 සැප්‍තැම්‍බර් මස 16 වන සඳුදා

2024 අගෝස්‍තු 01, පෙ.ව. 12:02



ඇය සෑමවිටම හිතන්නේ තමන් උපන් රට ගැන..

ඒ විතරක් නෙවෙයි රටක් නියෝජනය කළ ක්‍රිකට් පිටියේ බොහෝ දෙනාගේ ආදරය දිනාගත්ත ක්‍රීඩකයෙකුගේ යෝධ සෙවනැල්ල වුණේ ඇය.. මේ කියන්නේ කවුරු ගැනද..? 

අප්සාරි සිංහබාහු තිලකරත්න… ඇයව නොදන්නේ කවුද..? හෂාන් තිලකරත්නගෙ ආදරණීය බිරිඳ වෙන ඇය අපේ රටේ කාන්තා ක්‍රිකට් වෙනුවෙන් විශාල සේවාවක් කළ තැනැත්තියක්..

කවුද මේ අප්සාරි.. කාන්තා ක්‍රිකට්වලට ඇයගේ ඇති සබඳතාවය මොකද්ද..? ඔව් ඇය අපේ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ කැඳවුම්කාරිණියයි..

ඒත් ඇය ඒ ගැන පුවසාරම් දෙඩුවේ නැහැ.. අද කාන්තා ක්‍රිකට් කණ්ඩායම ලබපු ජයග්‍රහණයත් එක්ක ඇය ඉන්නේ නිහඬව ඒ සතුට භුක්තිවිදින ගමන්..

පිරිමි දරුවෙක් වගේ නෙවෙයි ගැහැනු දරුවන් මේ වගේ ක්‍රීඩාවකට යොමු කරගන්න එක ඇත්තටම අභියෝගයක්.. ඒ ගැන ඔවුන්ගේ පවුලට විශ්වාසයක් ඇති කරන එක ඇත්තටම අප්සාරිට ලොකු අභියෝගයක්..

ඒත් ගෙවුණු වසර 5 පුරාම ඇය ඒ වෙනුවෙන් මහන්සි වෙලා.. ඒ වෙනුවෙන් ඇය දිවයිනේ බොහෝ ගම්වල ඇවිදගෙන ගිහින්..  කවීෂා , විශ්මි අන්න ඒ වගේ ඇය මේ විදිහට සොයාගත් මැණික්..

ඔවුන්  අද ජාතික කණ්ඩායමේ බබලනවා.. ඉතින් ඇයට මේ ගැන මොන තරම් නම් සතුටක් ඇතිද..? රටක් විදිහට මේ ලබපු ජයග්‍රහණයට ඇත්තටම අපි ඇයටත් කෘතවේදී වෙන්නටම ඕන.. 





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: