hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 ඔක්‍තෝබර් 10, පෙ.ව. 10:35



දිගු සිපගැනීමකින් වෙහෙසට පත්වූ හංසිට ඇගේ දෙනෙත් එක එල්ලේ මේනක වෙත යොමු කිරීමට තරම් ජවයක් නොවීය.

DJ එක ඉවරයි අයියේ. දැන් හැමෝම එලියට එයි.” ඇය කීවේ ඇගේ නලල මේනකගේ පපුව මත හේත්තු කරමිනි.

හංසිගේ දුරකතනය නාදවන්නට විය.

“⁣හංසි කොහෙද ඉන්නෙ ? DJ එක ඉවරයි,අපි දැන් බෝඩිමට යන්න ඕනා.” චතූ කලබලයෙන් මෙන් කීවේ හංසි ඇයට පෙනෙන දුරකින් නොසිටි නිසාය.

මං අයියත් එක්ක ඉන්නෙ,යමු මං එන්නම්”

සාදය අවසන්වී එකිනෙකා විසිර යන දෙස මේනකත් හංසිත් දුරට වී බලා සිටියේ ඔවුන්ට පිටවයාමට කිසිඳු හදිසියක් නොතිබු හෙයිනි.

දැන් මැදියම් රැයට කිට්ටු වී ඇත.

හංසිට හදිසියක් නොතිබුණත් චතූට නම් දැන් යන්නම ඕනාය.

චතූගේ බෝඩිම පිහිටා තිබුණේ විශ්වවිද්‍යාලයේ සිට මිනිත්තු 10ක පමණ දුරකිණි.

හංසි⁣ සහ මේනක අත් පටලාගෙන චතූගේ පිටුපසින් පියමං කරන්නට විය.

තරු එලියෙන් වර්ණවත් වූ මහ රාත්‍රියක තමන් ආදරය කරන කෙනා එක්ක අත් බැඳගෙන ඔහේ ඇවිදයමින් ලබන්නට හැකි සතුට ඇතැම්විට මිල කල නොහැකි තරම්ය.

මිනිස්සුන්ගේ ජීවිතවල ඇතැම් පරිච්චේද ලස්සන වෙන්නෙත් ඒවා අමතක කල නොහැකි ලයිස්තුවක තබා සැඳෑ සමයේදී පවා මිනිසුන් මෙනෙහි කරන්නෙත් මෙවැනි වූ සුන්දර මොහොතවල් එම පරිච්චේද තුල අත්විඳි නිසාය.

මේනකත් හංසිත් ⁣තම ආදරයේ සැබෑ කෙලවර නොදැන සිටියත් ජීවිතයේ සැඳෑ සමයේදී ආවර්ජනය කරන්නට තරම් වටින සුන්දර මතක සටහන් ඉතිරි කරගත්හ.

පාරේ තිබුනු ගල්කැට එක්ක පවා සෙල්ලම් කරමින් හංසි මේනකගේ අතේ එල්ලී උඩ පැන පැන ඇවිද ගියේ ලදරැවෙක් මෙනි.

රටාවකට ඇවිද යමින් මග නතර වෙමින් මාරුවෙන් මාරුවට අඩි තියමින් විනෝදෙන් ඇවිද ගිය ඈට තවමත් බෝඩිමට යාමට නම් වුවමනාවක් නොවීය.

අයියට යන්නම් කියලා එන්න,ආයේ හෙට හම්බෙනවානේ.” බෝඩිමෙ ගේට්ටුව ලගටම ආවට පස්සෙ චතූ හංසිට කියමින් ඇතුලට ගියාය.

රෑ 12ත් පහුවෙලා,හෙට වැඩට යන්නත් ඕනා නේද..?”

ඔව් යන්න ඕනා. ඔයා මොකද කරන්නෙ හෙට ?”

හෙට ටිකක් දවල් වෙනකන් නිදාගෙන ඉඳලා ගෙදර යනවා. හෙට අපිට ලෙක්චර්ස් නෑ”

“ම්ම් එහෙනම් ගිහින් හොඳට රෙස්ට් කරන්න,මහන්සිත් ඇතිනෙ.

මේනක හංසිගේ නලලත සිප ගනිමින් ඈට සමුදුන්නේය.

ඒත් එක්කම මේනකගේ දුරකතනය නාදවන්නට වුනේ හසිනිගේ ඇමතුමකටයි.

“අයියේ අක්කව පරිස්සමට ඇරලෙව්වා නේද බෝඩිමට..?” හසිනි සිනහවෙමින් ඇසුවේ තමන් සියල්ල දෙස බලාසිටියා මෙනි.

ආ ඔයා මොකද,මේ මහ රෑ වෙනකන් ඇහැරලා ? අක්කා දැන් ගියා බෝඩිමට.”

මේනක ⁣පුදුමයට පත් නොවී පිලිතුරු දුන්නේ තම සහෝදරිය ගැන හසිනි කවදත් උනන්දුවෙන් සොයාබලන බව ඔහු දැන සිටි නිසාය.

හරි අයියේ.. තෑන්ක් යූ අක්කව පරිස්සමට බලාගන්නව⁣ට,අයියත් පරිස්සමින් යන්න. ගුඩ් නයිට්..

ඇස් තවම ආදරෙන්….

මේ ආදරණීය ආදර කතාව “ඇස් තවම ආදරෙන්” නමින් ඔබට ස්මාර්ට් තිරයක් තුලින් දිග හැරෙනවා.එහි තිස් පස් වැනි කොටසයි “ඒෂියන් මිරර්” අපි මේ ගෙන ආවේ.මේ නවකතාවේ තිස් හය වැනි කොටස හෙට බලාපොරොත්තුවන්න.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: