hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 ඔක්‍තෝබර් 12, පෙ.ව. 8:49



හංසි ඉගෙනීමට කෙතරම් දක්ෂ වූවත් පොත පතට ඈ දැක්වූයේ මැලි බවකි.

චීන භාෂාව ඇගේ අප්‍රියතම විෂයක් වූවත් ඇය සියලු විභාග හොඳින් සමත් වුනාය.

ඇගේ යහලුවන් පවා නිතරම කිව්වේ හංසි ඔවුන් අතර සිටින පොත පතට කම්මැලි ඉගෙනීමට දක්ෂතම කෙනා බවයි.

විභාග කියන්නෙ හංසි කතා කරන්න අකමැති මාතෘකාවක් වුනත් ඇය ගැන හොඳ විශ්වසයක් මේනකට තිබුණි.

බෝඩිමේ සිටි සගයා දුමින්දගේ නික්ම යාමෙන් පසු මේනකට සැප දුක් කතාබහ කරන්නට කියා ඉතිරි වූයේ හංසි පමණි.

දිනපතා හමුවන මිනිත්තු කිහිපය හැරෙන්නට ඔවුන් බොහෝ දුරට කතාබහ කතාකලේ දුරකතනයෙනි.

වෙනදා මෙන්ම එක දිනකදී මෙසේ ඔවුන් මැදියම් රැයවනතෙක් දොඩමළු වන්නට වුහ.

අයියෙ මං තියනවා”

එක්වරම හංසි දුරකතනය විසන්ධි කළාය.

දිගින් දිගටම කෝල් කරත් ඇගෙන් ප්‍රතිචාරයක් නොවීය.

ඇය කිසිවක් නොකියාම දුරකතනය විසන්ධි කිරීම නම් ඇත්තටම මේනකගේ හිත කැලඹීමට ලක් කළේය.

මැසේජ් වලට පවා රිප්ලයි ලැබුණේ නැත.

කලබල වූ මේනක හසිනිටද දිගින් දිගටම කෝල් කලේ එක්වරම සිදුවූ දෙය සිතාගත නොහැකිවය.

නමුත් හසිනිගේ දුරකතනයද ක්‍රියා විරහිත වී තිබුණි.

මේනකගේ දෙගිඩියාව තව තවත් තිවුර වන්නට විය.

ඇයව සම්බන්ධ කරගැනීමට වෙන කිසි විදියක් නොවීය.

කිසිම දවසක සිද්ධ නොවන දෙයකි සිද්ධ වුනේ. “හංසි කවදාවත් ඔහොම ෆෝන් එක කට් කරන්නෙ නෑ,එකපාරටම එහෙම වුනේ ඇයි,කරදරයක්ද ? නෑ වෙන්න බෑ ගෙදර හැමෝම ඉන්නවනේ” මේනක තනිව කල්පනා කරන්නට විය.

අනතුරුව මේනකට මතක් වුනේ චතූවයි.

හදිසියේම සිද්ධ වුන දේ චතූට එවෙලේම ගත් ඇමතුමකින් මේනක පැහැදිලි කරේ ඉක්මනටම හංසිට වුනදේ කුමක්ද යන්න දැනගැනීමට අවශ්‍ය වු නිසාය.

අයියේ කලබල වෙන්න එපා..මාත් අරන් බලන්නම්, එහෙම හදිසි කරදරයක් වුනා නම් අයියාට නොකියා ෆෝන් එක තියන්නෙ නෑනෙ, දැන් ආන්ස්වර් කරේ නැත්තං අපි හෙට බලමු අයියේ. අයියා දැනට කලබල නොවී නිදාගන්කෝ”

චතූගේ ⁣කෝල්ස් වලටත් හංසිගෙන් පිලිතුරු නොවීය.

කනස්සල්ලට පත් වුනත් පහුවදා උදෑසන වනතෙක් ඉවසා සිටිනවා හැර වෙනත් කිසිවක් කල නොහැකි බව තේරුම්ගත් මේනක නින්දට ගියේ වෙනදා නොදැනුන මහත්වූ දුක්මුසු හිතකිනි.

සුව නින්දකට වෙර දැරුවද ඇස් පියවා ගැනීම නම් ඔහුට පහසු නොවීය.

හංසිගේ හදිසි වෙනස් වීම මේනකගේ හිත දැඩිව කම්පනයට පත්කර තිබුණි.

හැමදාම රාත්‍රියට ආදරණීය වචන පෙලකින් නිමවන සංවාදය අද ඒ කිසිවක් නෙැමැතිව නැවතුණි.

හිතේ යම් බියකුත් ඇතිව ඔහු උදෑසන වනතෙක් කාලය ගෙවා දැම්මේ නිදිවරමිනි.

“මං වෙනදා වෙලාවටම එනවා”

උදෑසන 5.55ට ලැබෙන හංසිගේ සුපුරුදු කෝල් එක වෙනුවට ලැබී තිබූ කෙටි පණිවිඩය එය විය.

ගුඩ් මෝනිං කියාවත් එහි නොතිබීම නම් මේනකගේ හිතේ ඇති කලේ දෙගිඩියාවකි.

දුරකතනය අතේ තබාගෙනම ඔහු කල්පනා කරන්නට විය.

ආදරේ කල මේ කාලය පුරාවටම හංසිගේ මෙවැනි වෙනස් වීමක් දුටු පලමු අවස්ථාව මෙය විය.

මොනදේ වුනත් එයා මැසේජ් එකක් දාලා වෙනදා වෙලාවට එනවා කියලා තියනවනේ.මං එක්ක ප්‍රශ්නයක් නෙමේ වෙන්න ඇති.මොකක්හරි ප්‍රශ්නයක් නම් කියයිනෙ”මේනක තනිව තමන්ටම කියාගත්තේ දැන් ඔහුට සවන් දෙන්නට කිසිවකුත්

ඔහුගේ බෝඩිම් කාමරය තුල නොසිටි නිසාය.

මේනකට තිබුනේ දැඩි හදිසියකි.

හදිසියේම සිද්දවුණේ මොකක්ද දැනගන්න තිබූ උනන්දුව නිසාම කඩිමුඩියේ ඇඳ පැළඳ ගත් මේනක ඔවුන් උදෑසනට මුනගැසෙන සුපුරුදු ස්ථානයට ගියේ ඇය එන වොලාවට මිනිත්තු දහයකටත් පමණ පෙර සිටය….

ඇස් තවම ආදරෙන්…

මේ ආදරණීය ආදර කතාව “ඇස් තවම ආදරෙන්” නමින් ඔබට ස්මාර්ට් තිරයක් තුලින් දිග හැරෙනවා.එහි තිස් හත් වැනි කොටසයි “ඒෂියන් මිරර්” අපි මේ ගෙන ආවේ.මේ නවකතාවේ තිස් අට වැනි කොටස හෙට බලාපොරොත්තුවන්න.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: