hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 ඔක්‍තෝබර් 14, ප.ව. 8:39



හංසි කැම්පස් එකට ගියත් එදා දවසටමත් මේනකට කතාකලේ නැත.

කිහිප අවස්ථාවකම මේනක කෝල් කලත් හංසි අන්ස්වර් කලේද නැත.

සීයාගේ අසනීපය නිසා ඇය දවස තිස්සටම එය කල්පනා කරන බව මේනක හොඳින්ම දනී..

එහෙත් තමන්ට කතා නොකර ඉන්න තරමටම ඇයගේ හිත අවුලට පත්ව ඇති දැයි මේනකට තරමක කුතුහලයක් වන්නට විය.

ඒ බව හොඳටම දන්නේ චතුය.
චතූ..හංසි මොකද කියන්නේ,එයා සීයාගේ අසනීපය නිසා හොඳටම අවුලෙන් නේද ඉන්නේ,අද දවසටම මට කතාකලේ නෑ,උදේ හම්බුන එක විතරයි,පොඩ්ඩක් බලාගන්න

ඔව් අයියේ මමත් එක්කත් අද දවසෙම කතාකලේ නෑ..කල්පනා කර කර හිටියා..දවසෙම ඇඩු කදුලින්”
“ඒක තමයි,මම උදේ ටිකක් හිත හදලා ගියේ
“මේනක හුස්මක් හෙලමින් “හරි මම රෑට කතාකරල බලන්නම්”කියා චතුට කියමින් දුරකථනය විසන්දි කළේය.

හංසි වෙනදාටත් වඩා වේලාසනින්ම එදින ගෙදර ගොස් තිබුණාය.

මේනකද ඔෆිස් එකේ හිටියේ මේ ගැන කල්පනා කරමිනි.

දැන් බෝඩිමට ආවද ඔහුට කතාකරන්න කෙනෙක් නොමැත.

අයියේ මම ගෙදර ආව,පස්සේ කෝල් එකක් දෙන්නම්“හවස්වරුවේ එන කෝල් එක වෙනුවට එදින හංසිගෙන් ආවේ කෙටි පණිවිඩයකි.

කෝල් නොකලත් එම කෙටි පණිවිඩය නම් මේනකට මහ මෙරක් විය.

බෝඩිමට පැමිණි ඔහු ඇඟ පත හෝදගනිමින් ඇඳට වැටුනේ දුරකථනයද අතට ගනිමිනි.

නින්දට යෑමට පෙර හංසිට කෝල් එකක් ගන්න එක ඔහුගේ සාමාන්‍ය පුරුද්ද වුනත් අද හංසි අන්ස්වර් කරයිද කියා සිතමින් කෝල් කලද ඇයගෙන් ප්‍රතිචාරයක් නොවීය.

නංගි සීයාට මොකද,පුළුවන් වෙලාවක කෝල් එකක් ගන්න,ගුඩ් නයිට්”

මේනක දුරකථනය කොට්ටය යට ගසා උඩුකුරුව වැතිරී කල්පනා කරන්නට විය.

දෙදෙනාගේ ආදරයේ රසමුසු තැන් මේනක සිහිපත් කළේය.

දින කිහිපයක සිට මේනක රාත්‍රියට එතරම් කැමති නැත.

තනියම කමාරක් ඇතුලට වී කල්පනා කරන්නට වන්නේ නිදි වරමිණි….

ඇස් තවම ආදරෙන්…

මේ ආදරණීය ආදර කතාව “ඇස් තවම ආදරෙන්” නමින් ඔබට ස්මාර්ට් තිරයක් තුලින් දිග හැරෙනවා.එහි තිස් නම වැනි කොටසයි “ඒෂියන් මිරර්” අපි මේ ගෙන ආවේ.මේ නවකතාවේ හතලිස් වැනි කොටස හෙට බලාපොරොත්තුවන්න





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: