2023 ජනවාරි 24, ප.ව. 5:02
බොලිවුඩ් සුපිරි දුෂ්ට නළු අශිෂ් විද්‍යාර්ථි ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.
සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ සජීවී පණිවිඩයක් නිකුත් කරමින් ඔහු මේ බව සඳහන් කර තිබෙනවා.
ඔහු එහි සඳහන් කර ඇත්තේ, ශ්‍රී ලංකාව අතිශය සුන්දර බව ත් මෙහි පැමිණෙන ලෙස සියලු දෙනාට ආරාධනා කර සිටින බවයි.
තමන් අවසන් වරට ශ්‍රී ලංකාවට පැමිණියේ මීට වසර 6කට පමණ පෙර බව ත් මෙය ලංකාවට පැමිණි දෙවන අවස්ථාව බව ත් ඔහු පැවසුවා.
ඔහු සඳහන් කළේ, දින 8ක් ශ්‍රී ලංකාව පුරා සංචාරය කිරීමට බලාපොරොත්තු වන බවයි.
සිය සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ ශ්‍රී ලංකාව පිළිබඳ තොරතුරු ගෙන ඒමට සූදානම් බව ද ඔහු වැඩිදුරටත් පැවසුවා.
අශීෂ් විද්‍යාර්ථි බොලිවුඩ් සිනමාවේ දැවැන්තම දුට චරිතය ලෙස සැලකෙනවා.
2026 අප්‍රේල් 27, පෙ.ව. 12:23
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:15
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:12
2026 අප්‍රේල් 25, පෙ.ව. 12:13
2026 අප්‍රේල් 24, ප.ව. 3:45