2024 ජූලි 04, පෙ.ව. 12:02
කිලිනොච්චියේ, පුන්නයිනීරාවි ප්‍රදේශයේ නිවසක් සම්පූර්ණයෙන්ම ගිනි ගෙන විනාශ වී ගියත් නිවසේ තොටිල්ලක සිටි කුඩා බිලිඳකු කිසිදු උපද්‍රවයකින් තොරව බේරී සිටියදී ගම්වාසීන් විසින් සොයාගත් පුවතක් වාර්තා වෙනවා.
මාස හතරක කුඩා දරුවා තොටිල්ලක දමා මව පානීය ජලය රැගෙන ඒමට ගිය අවස්ථාවේදී එම නිවසට ගිනි ඇවිළී ඇති අතර ධීවර රැකියාවෙන් ජීවත් වන නිවසේ අයිතිකරු රැකියාවට ගොස් සිටි අතර නිවසේ සෙසු දරුවන් දෙදෙනා ද පාසල් ගොස් ඇත.
පැල්පත් නිවසක් වූ මෙම නිවස විනාඩි දහයක් පහළොවක් ඇතුළතදී සම්පූර්ණයෙන්ම ගිනි ගෙන විනාශ වී ගොස් තිබෙනවා.
මව පැමිණ විලාප තබමින් දරුවා තොටිල්ලක සිටින බව කී නිසා ගම්මුන් නිවස තුළට ගොස් බලන විට කිසිදු උපද්‍රවයකින් තොරව දරුවා තොටිල්ලේම සුවසේ නිදා සිටියදී ගම්වාසීන් බිලිඳාව එළියට ගෙන ඇති අතර නිවස ගිනි ගැනීමට හේතුව මෙතෙක් වාර්තා වී නැහැ.
නිවස ගිනි ගැනීමෙන් නිවස තුළ තිබූ රුපියල් 50,000.00ක මුදලක් ඇතුළු දැල්, ධීවර උපකරණ රැසක් ද විනාශ වී ගොස් තිබෙනවා.
2026 අප්‍රේල් 28, ප.ව. 12:01
2026 අප්‍රේල් 28, පෙ.ව. 12:02
2026 අප්‍රේල් 27, ප.ව. 1:32
2026 අප්‍රේල් 27, පෙ.ව. 10:09
2026 අප්‍රේල් 27, පෙ.ව. 12:23
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26
26-04-26
26-04-26