hit counter

2025 මාර්තු මස 03 වන සඳුදා

2025 මාර්තු 03, ප.ව. 5:37



නිරුවත්ව යතුරුපැදියකින්, නුගේගොඩ සිට මහනුවර බලා යමින් සිටි තරුණයෙකු පොලීසිය මහත් පරිශ්‍රමයක් දරා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ කඩුගන්නාව ප්‍රදේශයේදීයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණයෙක් බවයි පොලීසිය පවසන්නේ.

නිරුවත් පුද්ගලයෙකු යතුරුපැදියකින් කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ ගමන්කරන බවට පොලීසියට ලද තොරතුරකට අනුව කෑගල්ල සහ මාවනැල්ල පොලිස් ස්ථාන මඟින් ඔහුව අත්අඩංගුවට ගැනීමට උත්සාහ ගත්ත ද එම උත්සාහයන් ව්‍යර්ථ වී තිබෙනවා.

පසුව කඩුගන්නාව පොලීසිය විසින් මාර්ග බාධක යොදා අද (03) උදෑසන 7.00ට පමණ කඩුගන්නාව ගල විදපු ස්ථානයේදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාර තරුණයාගෙන් පොලීසිය සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ ඔහුගේ මව වෛද්‍යවරියක් බවත් ඔහුගේ පියා ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන බවත්ය.

එසේම ඔහු පොලීසියට පවසා ඇත්තේ සමාජයේ මෙම සිදුවීම සම්බන්ධයෙන් ලැබෙන ප්‍රතිචාර දැනගැනීමට තමන් මෙලෙස නිරුවතින් පැමිණි බවයි.

එසේම නුගේගොඩ සිට පැමිණෙන අතරතුරදී මාර්ගය අසළ තමන් යතුරුපැදිය නවතාගෙන සිටි බවත් සියලුදෙනා තමන් දෙස බලා සිනාසී ගිය බවත් ඔහු පොලීසියට පවසා තිබෙනවා.

සැකකාර තරුණයා පසුව මහනුවර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති අතර එහිදී නියෝග කර ඇත්තේ ඔහුව එළැඹෙන 05 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකරන ලෙසටයි.

එසේම ඔහුව මානසික වෛද්‍යවරයෙකු වෙත යොමුකරන ලෙසට ඉල්ලීමක් කළ බවද පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: