hit counter

2026 ජූනි මස 13 වන සෙනසුරාදා

2026 ජූනි 14, පෙ.ව. 12:07



පසුගිය දිනවල මුළු රටම කම්පාවට පත් කරමින් “සෙනෙහසේ කැදැල්ල” වැඩිහිටි නිවාසයේ හදිසි ගින්නක් හටගත්තා.

මෙම අවාසනාවන්ත ඛේදවාචකයෙන් එහි සිටි විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් කිහිපදෙනෙකුට ජීවිත අහිමි වූ අතර තවත් පිරිසක් තුවාල ලබා රෝහල් ගත කෙරුණා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් අදාළ වැඩිහිටි නිවාසයේ භාරකරු ලෙස කටයුතු කළ, සමාජ මාධ්‍ය ඔස්සේ කාගේත් ආදරය දිනා සිටි “ලොකු අයියා” පොලිස් අත්අඩංගුවට පත් වුණා.

කෙසේ වෙතත්, නීතිමය කටයුතුවලින් අනතුරුව ඔහුව මේ වන විට ඇප මත මුදා හැර තිබෙනවා. නිදහස ලැබීමෙන් පසු, තමන් වෙනුවෙන් පෙනී සිටි සහ දුක සැප සෙවූ සැමට සිය හෘදයාංගම ස්තූතිය පළ කරමින් ලොකු අයියා සිය මුහුණුපොතට සංවේදී සටහනක් එක් කර තිබුණා.

ඔහු තැබූ සම්පූර්ණ සටහන පහතින්:

“මං වෙනුවෙනුන් කතා කරපු මං ගැන මගේ නිවාසය ගැන හදවතින්ම සොයා බලපු ඔයාලා හැම කෙනෙක්ටම ගොඩක් පිං..මට 11 ඇප ලබුනා. ඉතින් තාමත් නීතිමය කටයුතු සිදු කරගෙන යන නිසා ලොකු විස්තරයක් කියන්න ලියන්න අමාරුයි.

මෙහෙම හරි පෝස්ට් එකක් දාන්නේ මං වෙනුවෙන් වචනයකින් හරි කතාකරපු ඔය හැමෝටම කෘතවේදී වෙන්න ඕන නිසා. මේ නීතිමය කටයුතු හරියාකාරව කරගෙන මන් ඔයාලා හැමෝටම උත්තර දෙන්නම් එතකම් හැමෝම පරිස්සමින් ඉන්න. මං වෙනුවෙන් හිටපු ඔයාලට සියදහස්වාරයක් පිං… ”

සිදුවූ විපත පිළිබඳව තවමත් රටම කණගාටු වන පසුබිමක, නීතිමය කටයුතු නිම වූ පසු මේ පිළිබඳව සම්පූර්ණ විස්තරයක් ලබාදෙන බවයි ඔහු පවසන්නේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: