2023 ජූනි 06, පෙ.ව. 9:08
බන්ධනාගාරගතව සිට සිය මවගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණි තරුණයෙකුගේ වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනවා.
පවුලේ වැඩිමහල් දරුවා වන එම තරුණයා මත් ද්‍රව්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
බන්ධනාගාර නිලධාරීන්ගේ දැඩි රැකවල් මත ඔහු සිය නිවසට පැමිණ මියගිය මවගේ දේහය අසල හඬමින් සිටින අතර එම සංවේදී සිදුවීම බොහෝ දෙනාගේ සිත් කම්පා කරවන්නක් වූවා.
මේ අතර එම වීඩියෝවට, ඔහුව අත් අඩංගුවට ගත් නිලධාරියාද සටහනක් තබා තිබෙනවා.
එම සටහන පහතින්.
”මල්ලි උබව හිරේට දැම්මේ මම.ඒ උබ ලෝකයේ තියෙන පව්කාරම ජොබ් එක කරපු නිසා.එදා උබව කුඩුත් එක්ක අහුවුන වෙලේ උබේ අම්මා අමාරුවෙන් නැගිටලා ඇවිත් උබෙන් ඇහුවේ ඇයි ලොකු මේවා කරන්නේ කියලා.උබ මල ගෙදර ඇවිත් යද්දී මට සාප කරාට මම කරේ මගේ ජොබ් එක.කුඩු නැති කරන්න මට පුළුවන් උපරිම දඩුවම ලබා දෙනවා.උබේ වයසට වඩා උබට නඩු වැටිලා තියෙනවා. නිදහස් වෙලා ඇවිත් ඉදිරියටවත් හොද මිනිහෙක් වෙන්න උත්සාහ කරන්න.අම්මට නිවන් සුව ලැබේවා.“
2026 අප්‍රේල් 05, පෙ.ව. 12:08
2026 අප්‍රේල් 04, පෙ.ව. 12:19
2026 අප්‍රේල් 03, පෙ.ව. 12:21
2026 අප්‍රේල් 02, පෙ.ව. 12:26
2026 අප්‍රේල් 02, පෙ.ව. 12:23
05-04-26
05-04-26
05-04-26
05-04-26
04-04-26
04-04-26
04-04-26
04-04-26
04-04-26
04-04-26
04-04-26
04-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26