2026 ඔක්තෝබර් 01, පෙ.ව. 12:04
මේ දවස්ටිකේම ලංකාවම කතා කළ චරිත දෙකක් තමයි කළණ සහ රුචිනි කියන්නේ. කළණ ගුණසේකරත් රුචිනි විජේසුන්දරත් wanesa tv තුළින් සෝශල් මීඩියා තුළ ඇති වූ ප්රශ්නවලට හරි හරියට උත්තර දුන්නේ මෙන්න මෙහෙමයි. ඒ කවුරුත් බලාපොරොරොත්තුවෙන් සිටි ප්රශ්න කිහිපයකට උත්තරයි.
එංගලන්තයේ ඉපදුන රුචිනීට කලණ මුණගැසෙන්නේ අහම්බෙන්. හැබැයි රුචිනී කියන්නේ හෙලේනා විජයවර්ධන මහත්මියගේ මිනිබිරියක මෙන්ම හිටපු ජනපති රනිල් වික්රමසිංහයන්ගේ ද ළඟම ඥාතියෙක්නේ. තමන් රුචිනීගේ මුදල්වලට විවාහ වූවා යැයි කියන කතාවලට පිළිතුරු දෙමින් කලණ පවසන්නේ රුචිනී මෙවැනි බලවත් හා ධනවත් පවුලක කෙනෙකු බව සෑහෙන්න කාලයක් යනතුරු තමන් පවා දැන සිටියේ නැති බව. රුචිනි හරි අපූරු කතාවකුත් කියනවා.ඒ කළණ කැමැත්ත ප්රකාශ කරන්න තමන්ට සතියක් කාලයක් දුන්නත් එවලෙම කැමති කියලා කිවුවලු…මොකටද ඉතිං කල් ගන්නේ කියලා හිතන්න ඇති.
කොහොමහරි මල් වගේම ගල් මුල් ද එන සෝශල් මීඩියා එකේ තමන්ට මෙන්ම නූපන් දරුවන්ට පවා සා ප කරමින් කර තිබූ ඇතැම් අදහස් දැක්වීම් නිසා රුචිනී යම් මානසික ඇදවැටීමකට ලක්වුවත් ඇයව කිසිම වෙලාවක කළණ තනි කරන්නේ නෑ. අරගලය කියන දේ කොයි කවුරුත් කතා කලත් තමන් කිසිවිටෙක අරගලය පාවාදීමක් කර නොමැති බවත් විවාහය යනු පෞද්ගලික දෙයක් කියලයි කළණ කියන්නේ. වෙඩින් එකක් ගන්න එක මෙච්චර වයිරල් වෙයි කියලා හිතුවේ නැතිවුණාට කවුරුත් කතා බහ කරන්න ගත්ත එක ගැන දෙදෙනාටම තියෙන්නේ පුදුමයක්. ලොකු උත්සව නොගෙන යහළුවන් සමඟ සතුටින් කාලය ගතකිරීමට කැමති මේ දෙන්නා තමන්ට එල්ල වූ චෝදනා වලට උත්තර දෙන්නේ සිනහවෙමින්. කවුරුත් කතා කරන අලුත් නිවස මන්දිරයක් වුවත් තාමත් රුචිනි සියැසින් දැක නැති බව තමයි කියන්නේ. කොහොමහරි රුචිනි කියන්නේම මිනිස්සු මොනවා කිවුවත් කළණ ඇයව ආදරයෙන් බලාගන්න නිසා කිසිම දෙයකට හිත රිදෙන්නේ නෑ කියලා..ඇත්ත…. ආදරේ කරන සහකරු තමන්ව ආදරෙන් බලාගන්නකොට තව මොනවද නේද…කවුරු මොන කතා කිවුවත් ආදරෙන් ඉන්න එච්චරයිනේ වෙන්න ඕනි…
2026 ඔක්තෝබර් 01, පෙ.ව. 12:11
2026 ඔක්තෝබර් 01, පෙ.ව. 12:07
2026 සැප්තැම්බර් 30, ප.ව. 12:36
2026 සැප්තැම්බර් 30, පෙ.ව. 12:20
2026 සැප්තැම්බර් 30, පෙ.ව. 12:15
01-10-26
01-10-26
01-10-26
01-10-26
01-10-26
01-10-26
01-10-26
01-10-26
30-09-26
30-09-26
30-09-26
30-09-26
30-09-26
30-09-26
30-09-26
30-09-26
30-09-26
30-09-26
29-09-26
29-09-26
29-09-26
29-09-26
29-09-26
29-09-26