hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 ඔක්‍තෝබර් 14, ප.ව. 3:12



කාලෙන් කාලෙට සමාජ මාධ්‍ය පුරාවට විවිධ අලුත් චරිත පිළිබඳව කතාබහ කරන්න පටන් ගන්නවා.

පසුගිය කාලසීමාව පුරාවටම සමාජ මාධ්‍ය තුළ නිරන්තරයෙන්ම කතාබහට ලක්වුනු අපූරු තරුණයෙක්.

සරලවම කිව්වොත් ඔහු කොතරම් ජනතාව අතර ප්‍රසිද්ධ වුණා ද කිවහොත් මේ වෙද්දි විශේෂයෙන්ම තරුණියන්ගේ සිහින කුමරා බවට ඔහු පත් වෙලා ඉන්නවා.

ඒකට මූලිකම හේතුව තමයි ඔහු  අපූරු කෑම හදන වීඩියෝ ටික් ටොක් ආකාරයෙන් සමාජ මාධ්‍ය වෙත මුදා හැරීමයි.

ඉතින් මේ නිසා බොහෝ තරුණියන් ඔහුගේ මේ ලස්සන කෑම හදන වීඩියෝ බලන්නෙ පිස්සුවෙන් වගේ.

ඔහු නමින් චරින් එන් සිල්වා.

වෘත්තීය සූපවේදියෙක් වෙන චරින් ලංකාවේ ඉහළ පෙළේ ප්‍රසිද්ධ හෝටලයක රැකියාවක් කරනවා.

ආහාර පිසීමට ඇති මේ අපූරු හැකියාව නිසා ඔහු ගොඩක් දෙනෙක් අතර ප්‍රසිද්ධ වීමෙන් පස්සේ ඔහුගේම නමින් wild cookbook කියලා යුටියුබ් නාලිකාවක් ආරම්භ කරනවා.

අවුරුදු 25ක විතර වයසක මේ අපූරු තරුණයා සඳහන් කරන්නේ කිසිම විටෙක කෑම උයලා ශ්‍රී ලාංකික ජනතාවගෙන් මේ තරම් ඉහල ප්‍රතිචාරයක් ඔහු බලාපොරොත්තු වුණේ නැහැ කියලයි.

මේ වෙද්දිත් මුහුණුපොතේ දෙපැත්ත බෙදිලා වාද විවාද කරන මාතෘකාවකට ඔහු හේතුවක්.

ඒ අනුව චරිත්ගෙ Wild Cookbook එක්ක අපේ අම්මා තරඟකාරී වන අන්දම සමාජ මාධ්‍යයේ සුලබ අත්දැකීමක්.

ඉතින් මෙවන් පසුබිමක ඊයේ මේ අපූරු කෑම හදන හැඩකාර කොලුවා සම්මානයකින් ද පිදුම් ලබනවා.

ඊට ලැබෙන සුබපැතුම් රැසක් අතරෙ තවත් අතිශය ජනප්‍රිය ඉවුම් පිහුම් චැනලයක් වන Anoma’s Kitchen වෙතින් තබන ලද සුබපැතුමට කාගෙත් අවධානය යොමු වෙලා තිබුණා.

”ඊයෙ නෙළුම් පොකුණ රඟහලේ පැවති “British Way Popular Awards” සම්මාන රාත්‍රියේදී YouTube Popular Cooking Channel එක සඳහා චැනල් 5 තේරිලා තිබුනා.

“Wild Cook book” කරන චරිත් ද සිල්වා පුතාට තමයි සම්මානය ලැබුනෙ.

අනිවාර්යයෙන් එයාට ඒ සම්මානෙ හිමි වෙන්න ඕනේ.

චරිත් පුතාව හමු උනා. සුභ පතලා අපි එයා ගැන හරිම ආඩම්බර වෙනවා කියලා කිව්වා.

පුතා, තව තවත් ඔබගේ වැඩ කටයුතු සියල්ලක්ම සාර්ථක වෙන්න කියලා ආදරෙන් ප්‍රර්ථනා කරනවා.”

ඡායාරූප : facebook




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: