hit counter

2023 මාර්තු මස 28 වන අඟහරුවාදා

2023 පෙබරවාරි 06, ප.ව. 1:15


WhatsApp
Telegram

සිය කුඩම්මාගේ හිරිහැර ඉවසා ගැනීමට නොහැකි වූ අවුරුදු 11 දැරියක් සිදුකළ පැමිණිල්ලකට අනුව එම කාන්තාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මරදන්කඩවල පදිංචි දැරිය පා ගමනින්ම හොරොව්පතානේ පොලිසියට පැමිණ මෙම පැමිණිල්ල සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

දැරියගේ මව මීට වසර 05 ට පමණ පෙර මියගොස් ඇති අතර, පියා නැවත විවාහ වී ඇති අතර, ඇයට ද පෙර විවාහයේ දරුවෙකු සිටින බව සඳහන්.

දැරියගේ පියා සහ මිත්තනිය පොලිසියට ගෙන්වා විමර්ශනයක් සිදුකර දරුවා පියා හට බාරදීම හෝ අධිකරණයට කරුණු වාර්තා කර පරිවාස භාරයට පත් කිරීමට කටයුතු කරන බවයි පොලිසිය සඳහන් කළේ.

මේ අතර, දින දෙකක් වයසැති බිළිදෙකු ත්‍රිකුණාමලය සර්ධාපුර මාර්ගයේ දමා ගොස් සිටියදී ගම්වැසියන් විසින් සොයාගෙන පොලිසියට බාර දී තිබෙනවා.

බිළිඳා මේ වනවිට ත්‍රිකුණාමලය රෝහලට ඇතුළත් කර ඇති අතර, දරුවා මහ මඟ දමාගිය පුද්ගලයන් පිළිබඳව මෙතෙක් කිසිදු තොරතුරක් වාර්තා වී නොමැති බවයි ත්‍රිකුණාමලය පොලිසිය සඳහන් කළේ.