hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2023 ජනවාරි 18, ප.ව. 3:47



රට වටා සංචාරය කිරීමේ අරමුණැතිව විදෙශිකයින් පිරිසක් දිවයිනට පැමිණ ඇති අතර, ඔවුන් දින 15 ක් මෙරට ප්‍රධාන සංචාරක නගරවල සංචාරය කිරීමට නියමිත බව වාර්තා වෙනවා.

ඒ සඳහාම ගෙන්වූ ක්ලැසික් වාහනවලින් මෙම සංචාරය සිදු කිරිමද විශේෂත්වයක්.

ඊයේ වයික්කාලෙන් ආරම්භ වූ සංචාරය අනුරාධපුර දක්වා ගමන් කරනු ඇති.

එහි සංවිධායකවරයෙක් මේ සම්බන්ධයෙන් මෙසේ අදහස් දක්වා සිටියා,

“ඩෙස්ටිනේෂන් රැලි කියන මේ රේස් එක ලංකාවේ ප්‍රථම වතාවට කරන්නේ මේ වගේ ක්ලැසික් කාර් දහතුනක් ගෙනල්ලා. ඔතෙන්ඩි සිටිස් කියන සමාගම තමා ලංකාවේ ඒක හැන්ඩ්ල් කරන්නේ. ලංකාව වටේ දවස් දාහතරක් යනවා. ඉන්නේ හොඳම හෝටල් වල. ලංකාව වටේ කට්ටිය ගිහිල්ලා. ඒ කට්ටිය ලංකාවේ එන්ජෝයි කරන්න තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේක ලංකාවට ලොකු අ කීර්තියක්. මොකද පළවෙනි වතාවට මෙහෙම එකක් කරන එක. මෙච්චර කාර් නැවකින් ලංකාවට ගෙනල්ලා දවස් දාහතරක් ඉඳලා ඒ නැවෙන් ඒ ඒ රටවල් වලට මේ කාර් යවන්න තමයි අපි ප්ලෑන් කරලා තියෙන්නේ.”