hit counter

2026 අගෝස්‍තු මස 27 වන බ්‍රහස්පතින්දා

2022 දෙසැම්‍බර් 30, පෙ.ව. 7:36



කර්නාටක ප්‍රාන්තයේ බැංගලෝර් හි යුවළකට බ්‍රහස්පතින්දා මධ්‍යම රාත්‍රියේදී පොලිස් නිලධාරීන් විසින් හිරිහැර කළ බවට කියන පුවතක් ඉන්දියානු විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම යුවළ විසින් රාත්‍රී 11 න් පසු ඔවුන්ගේ නිවස අසල පාරේ ඇවිදීම නිසා නීතිය කඩ වූ බව පවසමින් ඒ සඳහා PayTm නම් App එකක් හරහා රුපියල් 1,000 ක් ගෙවීමට පොලිස් නිලධාරීන් ඔවුන්ට බල කර තිබෙනවා.

පොලිසිය මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර, සම්පිගේහල්ලි පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ කොස්තාපල්වරයෙකුගේ සහ ප්‍රධාන කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කර ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.