2023 ඔක්‍තෝබර් 04, පෙ.ව. 8:55
ඕස්ට්‍රේලියාවේ ඩවුනින් වීදියේ අධිකරණයෙන් නිදොස් කොට නිදහස් කළ ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඊයේ (03) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.
ධනුෂ්ක ගුණතිලක සමග සුදු ජාතික තරුණියක් සහ ඔහුගේ මිතුරෙකු ද පැමිණ සිටියා.
ඔවුන් ඊයේ (03) රාත්‍රී 10.55 ට ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 607 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.
ගුවන් තොටුපොළේ දී මාධ්‍යවේදීන් හමුවේ අදහස් දැක්වූ ධනුෂ්ක ගුණතිලක මෙම මාස එකොළහක කාළය තුළ ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ මා සමග සිටි සියලු දෙනාටම ස්තුතිය පිරිනමන බව පැවසුවා.
එසේම මෙම කාළය තුළ ඉවසීමෙන් සිටීමට ක්‍රිකට් මගින් ලද පුරුදු පුහුණු කිරීම් මෙන්ම එයින් ලද ආභාසය ද ඉවහල් වූ බව පැවසුවා.
එමෙන්ම තමන් ඉතා ඉක්මනින් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් කිරීම සදහා අවශ්‍ය පුහුණු වීම් වල නිරත වීමට කටයුතු කරන බව ද ධනුෂ්ක ගුණතිලක වැඩිදුරටත් පැවසුවා.






2026 මාර්තු 11, පෙ.ව. 12:25
2026 මාර්තු 10, පෙ.ව. 12:05
2026 මාර්තු 09, පෙ.ව. 12:14
2026 මාර්තු 08, පෙ.ව. 12:16
2026 මාර්තු 07, පෙ.ව. 12:30
11-03-26
11-03-26
11-03-26
11-03-26
11-03-26
11-03-26
10-03-26
10-03-26
10-03-26
10-03-26
10-03-26
10-03-26
10-03-26
10-03-26
09-03-26
09-03-26
09-03-26
09-03-26
09-03-26
09-03-26
08-03-26
08-03-26
07-03-26
07-03-26