hit counter

2026 ජූලි මස 14 වන අඟහරුවාදා

2026 ජූලි 15, පෙ.ව. 12:14



ආණ්ඩුව මාධ්‍ය සංදර්ශන දාලා, මර්දනය කරලා, බය කරගන්න උත්සාහ කරන බවත් මර්දනය කරලා, බය කරලා නම් පොහොට්ටුව වට්ටන්න කිසිසේත්ම බැරි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක සඳහන් කරයි.

මන්ත්‍රී ඩී.වී චානක සඳහන් කළේ,

දේශපාලඥයන් දැන් අත්අඩංගුවට ගන්න පටන්ගෙන තියනවා. මොකක්ද කරන්නේ, බොරුවට මාධ්‍ය සංදර්ශන දානවා, මර්දනය කරනවා, බය කරගන්න උත්සාහ කරනවා. හැබැයි ඒවට පොහොට්ටුවේ අපිනම් පිටිපස්සට යන්නේ නෑ.

කිසිසේත්ම පිටිපස්සට යන්නේ නෑ. ජනාධිපතිතුමාට ආණ්ඩුවට කියන්න තියෙන්නේ මර්දනය කරලා, බය කරලා එහෙම නම් පොහොට්ටුව වට්ටන්න කිසිසේත්ම බෑ.”

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මහර කාර්යාලය විවෘත කිරීමේ අවස්තාවට එක්වෙමින් මන්ත්‍රී ඩී.වී චානක මේ බව සඳහන් කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: