hit counter

2026 ජූලි මස 14 වන අඟහරුවාදා

2026 ජූලි 15, පෙ.ව. 12:17



පසුගියදා මීගමුව බන්ධනාගාරය තුළ ඇතිවූ ගැටුම පිටුපස කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙලක් තිබුණ කියා දැන් විමර්ශන සිදුකෙරෙමින් පවතින බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි සඳහන් කරයි.

මහමෝදර පැරණි රෝහල බන්ධනාගාරයක් බවට පත් කිරීම සහ මහනුවර බෝගම්බර බන්ධනාගාර පරිශ්‍රය තුළ නව බන්ධනාගාරයක් බවට පත් කිරීම මාස කිහිපයක් සඳහා පමණක් ගත් තීරණයක් බව නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි සඳහන් කරයි.

නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි සඳහන් කළේ,

මීගමුව බන්ධනාගාරයේ ගැටුම පිටුපස යම් කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙලක් තිබුණද කියලා දැන් විමර්ශන සිදුකෙරෙනවා. ඒ විමර්ශන වල ප්‍රගතිය අනුව තමයි අපිට නිශ්චිතව කියන්න පුළුවන්.

බන්ධනාගාරවල අධික තදබදය කාලයක් තිස්සේ තියෙන ප්‍රශ්නයක්. ඒක ඇතුළේ ගැටලු ගණනාවක් නිර්මාණය වෙනවා. නඩු අනවශ්‍ය ලෙස ප්‍රමාදවීම, වාර්තා නොලැබීම, මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම් වැඩිවීම බන්ධනාගාර තදබදය වැඩි වෙන්න බලපා තියෙනවා.”

ගාල්ල මහමෝදර පැරණි රෝහල, මහනුවර බෝගම්බර බන්ධනාගාරය යන දෙකම අපි බන්ධනාගාර විදියට පවත්වාගෙන යන්න බලාපොරොත්තු වෙන ඒවා නෙමෙයි. අපිට වෙනම සැලැස්මවල් තියෙනවා.

“නමුත් මේ අවස්ථාවේ ක්ෂණික පියවරක් ලෙස මාස කිහිපයක් සඳහා තමයි ඒ පියවර ගත්තේමාස කිහිපයක් සඳහා පමණයි ඔය තැන්වල බන්ධනාගාර පවත්වාගෙන යන්නේ. විසඳුම් එනකොට ඔය බන්ධනාගාර දෙකම අයින් වෙනවා.

මහනුවර දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය කටයුතු පිළිබඳව පැවැති සාකච්ඡාවක් අතරතුර නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මේ බව සඳහන් කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: