hit counter

2026 අගෝස්‍තු මස 25 වන අඟහරුවාදා

2026 අගෝස්‍තු 26, පෙ.ව. 12:28



බදුල්ල ශික්ෂණ රෝහලේ සේවය කළ 49 හැවිරිදි නිර්වින්දන විශේෂඥ වෛද්‍ය ප්‍රභාත් දයාරත්න මහතාගේ අභිරහස් මරණය සම්බන්ධයෙන් ඔහුගේ සමීපතම මිතුරෙකු වන වෛද්‍ය ගයාන් කුරේ මහතා මාධ්‍ය වෙත විශේෂ තොරතුරු රැසක් අනාවරණය කර තිබේ.

බදුල්ල – මහියංගන මාර්ගයේ වියානා ඇළ ආසන්නයේ පිහිටි ලඳු කැළෑවකින් වෛද්‍යවරයාගේ මළ සිරුර සොයාගැනීමෙන් පසුව, මියගිය වෛද්‍යවරයාගේ වෘත්තීය සහ අධ්‍යාපනික පසුබිම පිළිබඳව ඔහු මෙසේ අදහස් දක්වා සිටියේය.

වෛද්‍ය ගයාන් කුරේ මහතා සඳහන් කර සිටියේ මියගිය ප්‍රභාත් දයාරත්න මහතා කොළඹ නාලන්දා විද්‍යාලයෙන් හා පසුව කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ 98/99 වසර කණ්ඩායමේ අධ්‍යාපනය හැදෑරූ වෛද්‍යවරයෙකු බවයි.

ඔහු මීට පෙරද වසර තුනක කාලයක් බදුල්ල ශික්ෂණ රෝහලේ නිර්වින්දන විශේෂඥවරයෙකු ලෙස සාර්ථකව රාජකාරි ඉටුකර තිබූ අතර, ඉන් අනතුරුව ස්ථාන මාරුවීමක් ලබා වෙනත් ප්‍රදේශයකට ගොස් තිබුණි.

පසුව නැවතත් සිය දෙවැනි සේවා වාරය සඳහා බදුල්ල රෝහල වෙත පැමිණි වෛද්‍ය දයාරත්න මහතා, එම දෙවන සේවා කාලය තුළ වසරකටත් අඩු කාලයක් එහි සේවය කරමින් සිටියදී මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ දී ඇති බව වෛද්‍ය කුරේ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

බදුල්ල – මහියංගන මාර්ගයේ 17 වන කණුව ආසන්නයේ තිබී වෛද්‍යවරයාගේ මෝටර් රථය සහ සිරුර අසල තිබී ඖෂධ පෙති වර්ගයක් හමුවුවද, මරණයට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක වේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: