hit counter

2026 අගෝස්‍තු මස 12 වන බදාදා

2022 අප්‍රේල් 23, ප.ව. 1:05



දෙහිවල සත්වෝද්‍යානයේ  ඔරන් ඔටන් පැටවකු පොකුණකට වැටී මිය ගොස් තිබෙනවා.

එම සත්ත්වයා වැටී ඇත්තේ කූඩුව තුළ තිබූ පොකුණකට බවයි වාර්තා වන්නේ.

ඔරන් ඔටන් යනු වඳවීමේ පියස්ස මත සිටින මුළු ලෝකයේම අවධානය දිනා සිටින සත්ත්ව කොට්ඨාසයක් වන අතර ඔවුන් මේ වනවිට ඉතාම දුර්ලබම සතුන් ලෙස සැලකෙනවා.

ඔරන් ඔටන් වැඩිහිටි ගැහැණු සතා ද මීට මාස කිහිපයකට පෙර මරණයට පත්ව තිබෙනවා.

ඒ අනුව ගෙවුණු මාස 5 ඇතුළත මෙවැනි අති දුර්ලබ ඔරන් ඔටන් මරණ දෙකක් වාර්තා වී තිබෙනවා.