hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 ජූලි 27, පෙ.ව. 12:01



සාරංග දිසාසේකර වගේම ප්‍රියසාද් පවුලේ වැඩිමහල් දියණිය වන දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ සමාජ මාධ්‍යජාලා තුළ නිරන්තරයෙන්ම කතාබහට ලක්වෙන ආදරණීය යුවලක් බව අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැහැ.

ඉතින් මේ වන විට සුරතල් සිඟිති දියණියකගේ දෙමව්පියන් වන මේ යුවල රංගනයෙන් පොඩි විරාමයක් ලබාගෙන දැන් නැවතත් රංගනයට සම්බන්ධ වෙලා ඉන්නවා.

කොහොම නමුත් සමාජ මාධ්‍ය හරහා සාරංගට සහ දිනක් සිට දෝෂාරෝපණ එල්ල කරපු විශාල පිරිසකුත් හිටියා.

බනින අයට බනින්න ඉඩ දීලා  තමන්ගෙ පාඩුවෙ ජීවිතය සුන්දරව ගත කරපු මේ දෙන්නා මේ වෙද්දි ආදරණීය සිඟිති දියණියකගේ දෙමව්පියන් වෙන්නත් වාසනාවන්ත වුණා.

දිනක්ෂි නිතරම සමාජ මාධ්‍යවල ඔවුන්ගේ ජීවිතේ එදිනෙදා වැඩකටයුතු ගැන වීඩියෝ වගේම ඡායාරූප පළ කරන නිසාම සමාජ මාධ්‍යවල ප්‍රේක්ෂකයන් අතර ඇය හරිම ජනප්‍රියයි.

කොහොම වුණත් දිනක්ෂි කියන්නේ මේ හැම දෙයක්ම බොහොම ආදරණීයව පිළිගන්න චරිතයක්.

අනිවාර්‍යයෙන්ම තමගේ වෘත්තීය ජීවිතයේ හැදෙන්න ඕන තැනක් තියනවා නම් ඒ දේවල් හදා ගන්න ඇය සූදානම්.

ඒත් හේතුවක් නැතුව සමාජ මාධ්‍ය තුළ ඇයට බනින අයට නම් දිනක්ෂි මුකුත් නොකියාම ඉන්නේ ඒ හැම දෙයක්ම තාවකාලික නිසා වෙන්න ඇති.

කොහොම වුණත් තමන්ට ලැබෙන රසික ආදරය සමාජමාධ්‍ය නිසා දැන් ගොඩක් සමීප වෙලා කියලා තමයි  ඇය නම් කියන්නේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: