hit counter

2026 සැප්‍තැම්‍බර් මස 10 වන බ්‍රහස්පතින්දා

2026 සැප්‍තැම්‍බර් 11, පෙ.ව. 12:11



ශ්‍රී ලංකාවේ දරුවන් අතර පිළිකා රෝග ව්‍යාප්තිය ඉහළ ගොස් ඇති බවත් වසරකට 1,000කට ආසන්න සංඛ්‍යාවක පිළිකා රෝගීන් මෙරටින් වාර්තා වන බව ප්‍රජා විශේෂඥ, වෛද්‍ය සුරාජ් පෙරේරා සඳහන් කරයි.

උපතේ සිට අවුරුදු 19 දක්වා වයස් කාණ්ඩවල සිටින ළමුන් සහ නව යෝවුන්වියේ පසුවන දරුවන්ගෙන් වසරකට 900ත් -1,000ත් අතර සංඛ්‍යාවක් පිළිකා රෝගීන් වාර්තා වන බවද ප්‍රජා විශේෂඥ, වෛද්‍ය සුරාජ් පෙරේරා සඳහන් කරයි.

ලේ පිළිකාව නොහොත් ලිව්කේමියාව, වසා ග්‍රන්ථි ආශ්‍රිත පිළිකාව වන ලිම්‍ෆොමාව, මොළය ආශ්‍රිත පිළිකාව, අස්ථි ආශ්‍රිත පිළිකාව සහ ඇස් ආශ්‍රිත පිළිකාව වැඩි වශයෙන් හඳුනා ගන්නා බවද විශේෂඥ වෛද්‍ය සුරාජ් පෙරේරා සඳහන් කරයි.

සෑම පිළිකාවක් පිළිබඳවම කලින් හඳුනාගෙන ඒ අනුව නිසි ප්‍රතිකාර කිරීමෙන් පිළිකාව සුවකර ගැනීමට ඉතා ඉහළ හැකියාවක් පවතින බවද විශේෂඥ වෛද්‍ය සුරාජ් පෙරේරා මේ බව සඳහන් කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: