hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2023 ඔක්‍තෝබර් 16, ප.ව. 8:20



පසුගියදා සමාජ මාධ්‍යන් ඔස්සේ සංසරණය වූ යාපනය ශික්ෂණ රෝහලේ ආරක්ෂක නිලධාරීන් විසින් පුද්ගලයෙකුට පහරදෙන ඡායාරූපයන් පිළිබඳ පරික්ෂණයක් සිදුකල යාපනය පොලීසිය විසින් එම පහරදීමට හේතුව මේ වන විට අනාවරනය කරගෙන තිබෙනවා.

අදාල පහරදීම සිදුකරන ලද ආරක්ෂක නිලධාරීණ් පොලිස් භාරයට ගෙන සිදුකරන ප්‍රශ්න කිරීම් වලින් සහ පහරකෑම ලක් වූ පුද්ගලයාද පොලිස් භාරයට ගෙන සිදුකරන ලද ප්‍රශ්න වලින් අනාවරනය වී ඇත්තේ යාපනය ශික්ෂණ රෝහලට බීමතින් පැමිණි මෙම සැකකරු විසින් ආරක්ෂක නිලධාරීන්ටද පහරදී ඇතුල්වීමට ගත් උතසහයකදී ආරක්ෂ නිලධාරීන් විසින් මෙම පහරදීම සිදුකොට ඇති බවටය.

ශික්ෂණ රෝහලේ ආරක්ෂක නිලධාරීන් විසින් පොලීසියට පවසා ඇත්තේ අදාල පුද්ගලයා රෝහලට ඇතුල්වීමට උත්සහ ගත් අවස්ථාවේදී රෝගීන් බැලීමට ඇති වෙලාව නොවන බවත් දැනුම් දුන්නද අදාල පුද්ගලයා විසින් බීමතින් පරුෂ වචනයෙන් බැන වැදී තමන්ට පහරදීමට උත්සහ ගැනීම හේතුවෙන් මෙම පහරදීම සිදුකල බවටය.

කෙසේ වෙතත් අදාල පහරදීම සිමබන්ධයෙන් යාපනය පොලීසිය වැඩිදුර පරික්ෂණ සිදුකරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: