hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 ඔක්‍තෝබර් 19, ප.ව. 5:30



ඉන්දියාවේ සුපිරි කොලිවුඩ් නළු විජයි විසින් රඟන නවතම චිත්‍රපටය වූ ලිඕ ප්‍රදර්ශනය ලොව පුරා ආරම්භ වීමත් සමග උතුරු පලාතේ පිහිටි සිනමාහල් වෙතට උතුරේ තරුණ තරුණියන් විශාල පිරිසක් සිනමාහල් වෙතට පැමිණෙමින් සිටිනවා.

දමිළ ජනතාවගේ සුපිරි වීර චරිතයක් වූ විජයි විසින් රඟන ලිඕ චිත්‍රපටය පැමිණෙන තෙක් උතුරේ වැසියන් බලා සිටි අතර නව චිත්‍රපටයේ ප්‍රදර්ශනය ඇරඹීමත් සමඟ මේ වන විට උතුරු පලාතේ සිනමාහල් පිරී පවතින අතරම බොහෝ පිරිසකට ප්‍රවේශපත්‍ර ලබා ගැනීමට නොහැකිවීමෙන් සිනමාහල් ඉදිරිපිට රැස්ව සිටීමට සිදු වූවා.

කෙසේ වෙතත් උතුරු පලාතේ වව්නියාව සහ යාපනය දිස්ත්‍රීක්කයේ පමණක් සිනමාහල් පිහිටා තිබීම හේතුවෙන් කිලිනොච්චිය, මන්නාරම සහ මුලතිව් දිස්ත්‍රීක්කයන්හි තරුණ තරුණියන්ටද සිනමාහලකින් චිත්‍රපටයක් නැරඹීමටනම් වව්නියාවට හෝ යාපනයට යාමට සිදු වෙයි.

කෙසේ වෙතත් ලිඕ චිත්‍රපටය නැරඹීමට දමළ ජනතාව මෙන්ම සිංහල හා මුස්ලිම් ජනතාවද සිනමාහල් වෙතට පැමිණීම හේතුවෙන් සිනමාහල්හි ප්‍රවේශ පත්‍ර ලබාගැනීමට බොහෝ පිරිසක් දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදු වෙයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: