hit counter

2026 සැප්‍තැම්‍බර් මස 01 වන අඟහරුවාදා

2022 ජූනි 30, ප.ව. 2:58



ඉන්ධන අර්බුධය මේ වන විට ගැටළු රාශියකට හේතුවක් වී තියෙනවා.

එහෙන් සංචාරක ව්‍යාපාරය නැත්තටම නැති වෙලා යනවා.

දරුවන්ගේ අධ්‍යාපනය සහ පාසල් ගමන් නැති වෙලා තියෙනවා.

රස්සා කරන මිනිස්සුන්ට රස්සා නැති වෙලා.

සමහර මිනිස්සුන්ට ඉන්ධන ටික නැතිව රස්සාවට යන්න විදියක් නැතුව ඉන්නවා.

ඒ අස්සේ තෙල් ජාවාරම් හරි ඉහළින් සිද්ධ වෙනවා.

ඊයේ වෙනකොට කියනවා ආයේ තෙල් එන්නේ 22 කියලා.

එහෙම වාතාවරණයක් තියාගෙන සමහර මව්වරු නිවසේ දරුවන් බිහි කරනවා.

ඒ වෙන දෙයක් නිසා නෙවෙයි රෝහල්ගත වෙන්න දින ලං වුණත් තෙල් නැති නිසා රෝහලට යන්න විදියක් නැතුව.

මිනිස්සු මේ වෙලාවේ මහා ලොකු අසරණකමක් එක්ක තමයි ජීවත් වෙන්නේ.

මේ අතරවාරයේ රෝහලට ගෙන යාමට තෙල් නොමැති වීම නිසා අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් සමුගත් දරුවෙකු පිළිබඳව සංවේදී කතා පුවතක් වාර්තා වෙනවා.

රඹුටන් ගසකින් වැටී ඇති මෙම දරුවාව රෝහලට ගෙන යාමට කිසිවෙකුත් ඉදිරිපත් වී නොමැති අතර තෙල් නොමැති විම නිසා කිසිඳු වාහනයක් ද සොයා ගැනීමට නොහැකි වී තිබෙනවා.