hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 ඔක්‍තෝබර් 17, පෙ.ව. 12:02



ඔහු අවිවාහක පුද්ගලයෙක් වූ අතර වයස අවුරුදු 45 ක් පමණ විය.හෙතෙම ප්‍රදේශයේ සිටි විනෝදයට බර පුද්ගලයෙකු ලෙසට ප්‍රකට අයෙකු වූ අතර නිතරම සරම හැඳ සිටින මෙම පුද්ගලයා එම ප්‍රදේශයේම තවත් විවාහක කාන්තාවක් හා අනියම් ප්‍රේම සම්බන්ධයක් ගොඩ නඟා ගෙන තිබුණි.

මෙම කාන්තාවද දෙදෙරු මවක් වූ අතර ඇගේ ස්වාමි පුරුෂයා විදෙස් ගතව රැකියාව සිදු කරයි.

ඒ නිසාම ඇය මව පියා සහ බාල සහෝදරයින් සමඟ මහ ගෙදර වාසය කරන අතර මෙම මැදි වයසේ පුද්ගලයාද බොහෝ අවස්ථාවල මහ රෑ මෙම නිවසට හොරෙන් පැමිණීම පුරුද්දක් කරගෙන සිටියේය.

පසුගියදා දිනෙක ඔහු නිවසට පැමිණ ඇති අතර තාප්පයෙන් පැන වත්තට ඇතුල් වීමට උත්සාහ කරන අවස්ථාවේ ඔහු හැඳ සිටි සරම බැම්මේ පැටලී නිරුවතින් බිමට වැටී තිබේ.

මොහු බිමට වැටී තිබුණේ තාප්පයට හේත්තු කර තිබූ තහඩු කිහිපයක්ද පෙරලමිනි.

ශබ්දය කුමක්ද යන්න ඇසී නිවසේ නිදා සිටි අනෙක් අය මිදුලේ ලයිට් දමා ඇති අතර ඒත් සමඟම කලබල වූ ඔහු යළිත් ඉක්මනින්ම තාප්පයට නැග අනෙක් පසට පැන තිබේ.

එහෙත් ඔහුට සරම හැඳ ගැනීමට වෙලා නොවූ අතර ඔහු සරම බැම්මේම තබා පැනගොස් තිබේ.

කෙසේ වුවත් අදාළ පුද්ගලයා කවුරුන්ද යන්න නිවැසියන් හඳුනාගෙන තිබෙන අතර අදාල කාන්තාවගේ සැමියාටද මේ බව ආරංචි වී තිබේ.

ඇගේ පියා විසින් ඇයට දැඩි ලෙස අවවාද කරමින් කියා තිබෙන්නේ එම සම්බන්ධය වහාම නතර කරන ලෙසයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: