hit counter

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා

2023 ඔක්‍තෝබර් 19, පෙ.ව. 12:03



යෝජිත විවාහයකින් වසරකට පසුව අධිකරණ නියෝගයකින් දික්කසාදය ලැබෙද්දීත් කන්‍යාවක ලෙසම දික්කසාද වූ වෛද්‍යවරියක් පිළිබඳ අරුම පුදුම සත්‍ය දික්කසාද නඩුවක් රත්නපුර දිසා අධිකරණයෙන් අසන්නට ලැබුණි.

මෙම නඩුවේ පැමිණිලිකාරිය මංගලා රත්නපුර ගොඩකවෙල ප්‍රදේශයේ යුවතියක් වන අතර, විවාහ යෝජනාවකට අනුව තමා හා විවාහ වූ තම ව්‍යාපාරික සැමියා විවාහ වූ දිනයේ මංගල රාත්‍රියේ පටන්ම වෙනත් පිරිමියකු සමඟ ඇසුරක් පවත්වන බවත්, විවාහ වූ දින සිට කිසිම දිනක තමා හා කායික ඇසුරක් නොපැවැත්වූ බවත් පවසමින් රත්නපුර දිසා අධිකරණයේ නඩුවක් පවරා තිබුණි.

ඇය මංගලා කුමාරිය. පාසල් වියේ සිටම යහපත් චර්යා රටාවකින් යුක්ත වූ අතර ඉගෙනීමෙහි දස්කම් දැක්වූවාය. අ.පො.ස. සා.පෙළ විභාගයෙන් විශිෂ්ට සමර්ථ්‍ය නවයක්ම ලබාගෙන සමත් වූ අතර උසස් පෙළට තෝරාගත්තේ විද්‍යා විෂය ධාරාවයි. සම වයසේ මිතුරියන්ට පෙම්වතුන් සිටියද ඇය කිසි දිනක පෙම්වතුන් ඇසුරු නොකළාය.


මංගලාගේ මුළු කාලයම ගෙවුණේ අධ්‍යාපන කටයුතුවලටය. සියලුම විෂයන්වලට ඒ සමර්ථ්‍ය ලබාගනිමින් වෛද්‍ය විද්‍යාලයට තේරුණු ඇය වෛද්‍ය විද්‍යාලයේද කැපී පෙනෙන සිසුවියක් වුවාය. ඇගේ අත පතා වෛද්‍ය සිසුන් පමණක් නොව අෙනකුත් අංශවල සරසවි සිසුන්ගෙන්ද ඉල්ලීම් ලැබුණ මුත් ඒ සියල්ල ඇය ප්‍රතික්ෂේප කළාය.


වෛද්‍යවරියක ලෙස කෑගල්ල ප්‍රදේශයට පත්වීමක් ලැබුණු අතර, ඇගේ කලවයස හරි නිසා මවුපියන් මංගලාට විවාහ යෝජනා ගෙන ආහ. මුලින් ගෙන එන ලද සියලු විවාහ යෝජනා ප්‍රතික්ෂේප කළ ඇය දෙමාපියන්ගේ පෙරැත්තය නිසාම, කඩවසම් ව්‍යාපාරික තරුණයකුට මනාපය පළ කළාය. රත්නපුර ප්‍රදේශයේ ප්‍රබල මැණික් ව්‍යාපාරිකයකුගේ පුතකු වන සංජය සමරනායකටත් විවාහයක් ගැන වුවමනාවක් නොතිබුණි. මංගලාව බලන්නට ගියේ මවුපියන්ගේ වුවමනාවටය.

මංගල රාත්‍රියේ මංගලා සමඟ රාත්‍රී භෝජනය ගත් සංජය වරින් වර කාමරයෙන් පිටතට ගියේය. වෙනත් යුවතිපතීන් මෙන් අඹුසැමි ඇසුරක් පැවැත්වීමට සංජයට වුවමනාවක් නොවීය. මැදියම් රැයේ නින්දෙන් අවදි වූ මංගලා සංජය කොහිදැයි විමසිලිමත් වුවාය. හිමිදිරිය වනතුරුත් ඔහු කාමරයට නොපැමිණි නිසා මවුපියන්ට දන්වා සංජය ගැන සොයා බැලුවාය. සංජය එම හෝටලයේම වෙනත් කාමරයක ඔහුගේ මිතුරකු වූ ඩිෂාන් සමඟ රැය ගත කර ඇති බව කාටත් පසක් විය.
දෙවැනි ගමන යොදාගෙන තිබුණේ මංගල දිනෙන් දින දෙකකට පසුවය. සංජය සමඟ මංගලා රතු ඔසරියකින් සැරසී සංජයගේ නිවසට ගියේ යුවතියක ලෙසිනි. දෙපාර්ශ්වයටම මෙය මහත් ගැටලුවක් විය. ප්‍රශ්න ගොඩින් බේරුම් කර ගැනීමට කවුරුත් උත්සුක වූ නමුදු ඒ ප්‍රයත්නයන් සියල්ලම ගඟට කැපූ ඉනි මෙන් විය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: