2023 පෙබරවාරි 17, ප.ව. 3:10
ගල්කිස්ස කොට්ඨාසය යටතේ පාලනය වන පොලිස් ස්ථානයක කාන්තා පොලිස් කොස්තාපල්වරියක් කාන්තා භට නිවසේ නාන කාමරේ ඇඟ සෝදද්දී ජංගම දුරකතනයකින් වීඩියෝ ගත කළ බව කියන ආධුනික පොලිස් කොස්තාපල්වරයකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වෙනවා.
කොස්තාපල්වරිය නානකාමරයට ගොස් ඇඟ සෝදමින් සිටින අවස්ථාවේ මෙම සැකකාර කොස්තාපල් හොර රහසේ ජංගම දුරකතනයකින් වීඩියෝ කරන ආකාරය දැක ඒ බව පොලිස් ස්ථානයට පැමිණිලි කරනු ලැබුවා.
පොලිස් කොස්තාපල්වරියගේ පැමිණිල්ල මත පරීක්ෂණ පවත්වා සැකකාර ආධුනික පොලිස් කොස්තාපල්වරයා සැකපිට අත්අඩංගුවට ගෙන ඔහු සතුව තිබූ ජංගම දුරකථනය ද පොලිස් බාරයට ගෙන තිබෙනවා.
පොලිස් බාරයට ගත් එම ජංගම දුරකථනය පරීක්ෂා කිරීමේදී පොලිස් කොස්තාපල්වරිය ඇඟ පොත සෝදන ආකාරය දැක්වෙන වීඩියෝ තුනක් එම දුරකථනයේ තිබෙන බව දැක ගැනීමට ලැබීමෙන් පසු කාන්තාවකට ලිංගික අතවර කළේ යැයි කියන චෝදනාව යටතේ කොස්තාපල්වරයා සැකපිට අත්අඩංගුවට ගත් බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසුවා.
සැකකාර පොලිස් කොස්තාපල්වරයාගේ වැඩද තහනම් කරනු ලැබූ බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරනවා.
2026 ජනවාරි 04, පෙ.ව. 12:06
2026 ජනවාරි 04, පෙ.ව. 12:04
2026 ජනවාරි 03, පෙ.ව. 12:26
2026 ජනවාරි 03, පෙ.ව. 12:13
2026 ජනවාරි 02, පෙ.ව. 12:30
04-01-26
04-01-26
04-01-26
04-01-26
04-01-26
04-01-26
04-01-26
04-01-26
03-01-26
03-01-26
03-01-26
03-01-26
03-01-26
03-01-26
03-01-26
03-01-26
02-01-26
02-01-26
02-01-26
02-01-26
02-01-26
02-01-26
01-01-26
01-01-26