hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2022 අප්‍රේල් 22, ප.ව. 5:24



ගාලු මුවදොර පැවැත්වෙන විරෝධතාවය දාහතර වන දිනටත් ක්‍රියාත්මක වනවා.

ආණ්ඩුවට විරෝධය පළකරමින් පසුගිය 09 වනදා තරුණ පිරිස එක්ව මෙම ජන අරගලය ආරම්භ කළ අතර මේ වනවිට ඒ සඳහා බොහෝ පිරිසකගේ සහයෝගය ලැබෙනවා.

රට තුළ පවතින අර්බුදයට විරෝධය පළ කරමින් විරෝධතාවක් සහ පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉල්ලා පා ගමනක් ගාලුමුවදොර විරෝධතාවට සමගාමීව ආරම්භ වී තිබෙනවා.

ගාලුමුවදොර මහජන අරගල භූමියේ ජනප්‍රිය රංගන ශිල්පී කළණ ගුණසේකර විසින් රට තුළ පවතින අර්බුදයට විරෝධය පළ කරමින් විරෝධතාවක් පවත්වනවා.

මේ අතර පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉල්ලා කටුවාපිටිය දේවස්ථානයේ සිට ගාලුමුවදොර දක්වා විශාල කුරුසයක් රැගෙන පා ගමනක් රංගන ශිල්පී ශිල්පී ජෙහාන් අප්පුහාමි විසින් ආරම්භ කර තිබෙනවා.

ඔහු අද (22) සවස ගාලුමුවදොරට ලඟා වී තිබෙනවා.

May be an image of 4 people, beard and people standing
May be an image of 1 person and outdoors
May be an image of 8 people, people standing, street and road
May be an image of 3 people
May be an image of 5 people, people walking, people standing, street and road
May be an image of 1 person
May be an image of 1 person