hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2024 මාර්තු 25, පෙ.ව. 12:04



මේ දිනවල ලංකාවේ සමාජ මාධ්‍ය තුළ කැළඹීමක් ඇති කිරීමට සමත්වූ මිස්ටර් ‘හව් සෑඩ්‘ යනු කවරෙක්ද? ඔහුගේ බිහිවීම කෙසේ සිදුවුනිද? යන්න ගැන මේවනවිට හෙළිදරව්වී තිබෙනවා.

වාර්තාවන ආකාරයට මෙම මිස්ටර් ‘හව් සෑඩ්‘ යනු ඕස්ට්‍රෙලියාවේ වාසය කරන ජනක සෙනෙවිරත්නය.

ඔහුගේ මුහුණ මුහුන් කර ඇත්තේ වර්තමාන ශ්‍රී ලංකා සංචාරක ඇමති හරින් ප්‍රනාන්දුගේ මුහුණටය.

කම්මුල් දෙකෙහි වළ ගැසීම්, විශාල තොල් හා අංග චලන ජනක-හරීන් එකතුවක් ලෙස මතුවේ.

කටහඩ ජනකගේය.

නිරන්තරයෙන් ඕස්ට්‍රෙලියාවේ සංචාරය කරන හරීන් හා ජනක අතර සම්බන්ධය රහසකි.

නමුත් මෙම මිස්ටර් ‘හව් සෑඩ්‘ බිහිකිරීම ඔවුන්ගේ කථාබහක ප්‍රතිඵලයක් වියහැකි බවට අනුමාන කළ හැකිය.

ශ්‍රී ලංකාවේ කෑම දියඇලි ජූස් ආදිය ප්‍රවර්ධනය කරන කථාබස් මෙම චරිතය හරහා ගොඩනැගෙන්නේද සංචාරක ඇමතිවරයාගේ අවශ්‍යතාවයට විය යුතුය. 

ශ්‍රී ලංකාවට පැමිණියාය කියන ජනක සෙනෙවිරත්න හා ඇමති හරීන් ප්‍රනාන්දු එක්ව පළකර තිබෙන වීඩියෝව හරීන්ගේ මාධ්‍ය ඒකකය මගින් නැවත පළ කර ඇති අතර එය පහතින් දැක්වෙයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: