hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2024 ජූනි 11, පෙ.ව. 12:04



කාන්තාවන් අයුතු ලෙස සිරකර බිය ගන්වා ලිංගික ක්‍රියාකාරකම්වල යොදවා ඒවා පටිගත කර අන්තර්ජාලයට මුදාහැර මහා පරිමාණයෙන් මුදල් ඉපැයීමේ ජාවාරමක් අනාවරණය කරගෙන තිබෙනවා.

ඒ ළමා සහ කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශයයි.

නුගේගොඩ පාගොඩ දේවාල පාරේ නිවසක් වටලා එය පවත්වාගෙන ගිය ප්‍රධාන සැකකරු හා සහාය වූ කාන්තාවක් අත්අඩංගුවට ගත් බව ළමා සහ කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය සඳහන් කරයි.

46 හැවිරිදි සැකකරු සහ 29 හැවිරිදි සැකකාරියක මෙසේ අත්අඩංගුවට පත්ව ඇත.

එම ස්ථානයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය, ගංජා, කාන්තා යට ඇඳුම්, විවිධ පුද්ගලයන්ගේ හැඳුනුම්පත් බැංකු කාඩ්පත්, දේශීය සහ විදේශීය මුදල්, උපත් පාලන කොපු, ජංගම දුරකථන ඇඳට සව් කරන උපකරණ, ලැප්ටොප් පරිගණක සහ ජංගම දුරකථන, කාන්තාවන්ගේ පුද්ගලික තොරතුරු ඇතුළත් කර සකස් කරන ලද ගිවිසුම්පත් රැසක් පොලිස් භාරයට ගෙන ඇත.

පොල්තෙල් ව්‍යාපාරික ස්ථානයක රැකියාවකට බඳවා ගන්නා බව පවසා හා එම ස්ථානයේ ආහාර පිසීමට සහ දරුවා බලා ගැනීමට යැයි පවසා මීට දින කීපයකට ඉහතදී එම ස්ථානයේ රැකියාවට පැමිණි බදුල්ල සහ වැල්ලව ගෙදර ප්‍රදේශවල වයස අවුරුදු 27 හා 34 හැවිරිදි කාන්තාවන් දෙදෙනෙක් එම ස්ථානයෙන් පළා විත් පොලිස්පති සහන මැදිරියට කරන ලද පැමිණිල්ලක් මත ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශයේ ස්ථානාධිපතිවරිය ඇතුළු කණ්ඩායමක් සිදුකළ වැටලීමකදී සැකකාරිය හා සැකකරුව අත්අඩංගුවට ගෙන තිබේ.

එම ස්ථානයේ රැකියාව පතා හා ඔවුන්ට මුල් දිනවලදී නිත්‍ය රැකියාව ලබාදී අනතුරුව පෞද්ගලික තොරතුරු ලබාගෙන ගිවිසුම්ගත කිරීමෙන් අනතුරුව බලහත්කාරයෙන් සිරකර ගෙන තබා ගනිමින් මෙලෙස විවිධ පුද්ගලයන්ට ලිංගික අවශ්‍යතා සඳහා අලෙවි කර තිබූ බවත් එම ලිංගික ක්‍රියාව විනාඩි විස්සක් අන්තර්ජාලය ඔස්සේ නැරඹීමේ පහසුකම් ලබාදී එම කාලයට රුපියල් 2500ක මුදලක් කාන්තාවන් වෙත ලබා දී ඇති බවද පොලිස් ව්මර්ශනවලදී අනාවරණය වී ඇත.

මෙම ස්ථානයේ තිබී කාන්තා අත් බෑග් රැසක් පොලිස් භාරයට ගත් බවත් ඒවා මෙම ස්ථානයෙන් පලා ගිය කාන්තාවන්ගේ බවට මේ වනව්ට අනාවරණය වී ඇති අතර එම කාන්තාවන්ට මෙන්ම පැමිණිලිකාර කාන්තාවන් දෙදෙනාටද මොවුන් විසින් තම ආයතනයේ රන් අභරණ සොරාගෙන ගිය බවට මිරිහාන පොලිසියට පැමිණිලි කරන බවටද තර්ජනය කර බියගන්වා ඇතැයිද එම කාන්තාවන්ගේ ප්‍රකාශවලින් අනාවරණය වූ බව පොලීසිය සඳහන් කරයි.

වින්දිත කාන්තාවන් දෙදෙනා අධිකරණ වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කිරිමට නියමිතය. ළමා සහ කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: