hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2022 නොවැම්‍බර් 30, ප.ව. 12:08



තමා සල්ලාලකමේ යනවැයි නිතර චෝදනා කිරීම ඉවසීමට නොහැකිව සිය පුරුෂ ලිංගය කපා බිරිඳගේ අතට දීමට උත්සහා දැරූ සැමියෙකු බරපතළ තුවාල ලබා කුරුණෑගල මහ රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

පොල්පිතිගම පලාකොලවැව ආඳාගලයාය ප්‍රදේශයෙන් මෙම සිදුවීම වාර්තා වන්නේ 26 වනදා රාත්‍රියේයි.

මෙම පුද්ගලයා අරක්කැමියකු වන අතර මංගල උත්සව, අවමංගල්‍ය උත්සව ඇතුළු උත්සවවලට ආහාර පිසීම මොහුගේ රැකියාව වී තිබෙනවා.

නිරන්තරයෙන් මත්පැන් පානයට ඇබ්බැහි වී සිටියත් මොහුගේ ඉවුම් පිහුම් දක්ෂතාවය නිසා මොහුට දුර බැහැර ප්‍රදේශවලින්ද ඇණවුම් ලැබෙන බව වාර්තා වෙනවා.

මේ ආකාරයෙන් උත්සව නිවසකට ගොස් නිවසට පැමිණි මෙම පුද්ගලයා සමගින් බිරිඳ ආරවුලක් ඇතිකරගෙන ඇත්තේ ඔහු උත්සවවලට යන බව කියමින් වෙනත් කාන්තාවන් සමග සිටින බව කියමින්.

එහිදී උරණ වූ සැමියා තම පුරුෂ ලිංගය කපා බිරිඳගේ අතටම දෙන බව කියමින් පිහියක් ගෙන එය කපා දැමීමට උත්සහා දරා තිබෙනවා.

එම අවස්ථාවේදී පිහියෙන් පුරුෂ ලිංගයේ කොටසක් කැපී ගොස් ඇති අතර බිරිඳ විසින් සැමියා එදින රාත්‍රියේම පොල්පිතිගම රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

බරපතළ කැපුම් තුවාල පැවතීම නිසා තුවාලකරු වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහල වෙත මාරු කර යවා ඇති අතර කැපී ගිය පුරුෂලිංගයට මැහුම් කිහිපයක් යොදා තිබෙන බව වාර්තා වෙනවා.

ඔහු මේ වනවිටත් කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලබනවා.