hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2023 ඔක්‍තෝබර් 19, පෙ.ව. 10:52



මේ වෙද්දි රටම සංවේදී කළ කාගෙත් මාතෘකාව බවට පත්වෙලා තියෙන්නෙ ප්‍රවීණ රංගන ශිල්පි ජැක්සන් ඇන්තනී කලාකරුවාගේ වියෝව.

කලක් තිස්සේ රෝගාතුරව සිටි ඔහු ආශිර්වාද තරමටම ලැබුණු විවේචන රැසක් මැදයි එලෙස අවසන් ගමන් ගියේ.

ඔහුගේ නික්ම යාම කලාවට යළි පිරවිය නොහැකි තරමේ විශාල හිඩැසක් බව නොරහසක්.

ජැක්සන් ඇන්තනී කලාකරුවාගේ වියෝව මේ වනවිට ඔහුගේ පවුලේ සාමාජිකයින්ට පමණක් නොවෙයි මුලු රටටම ඒ අඩුව දැනී අවසන්.

ජැක්සන් රෝහලේ සිටියදී ඔහුව නොමරා මැරූ යූටියුබ් නාලිකා ජැක්සන් මිය ගිය පසු බොරු ආටෝප දමා ජැක්සන්ව තවත් පතුරු ගහනවා.

ඒෂියන් මිරර් RJ+ Podcast වැඩසටහනට එක්වෙමින් රසික ජයකොඩි සඳහන් කළේ ජැක්සන් ඇන්තනීගේ මරණයෙන් පසුවත් ඔහුට ඉන්න දෙන්නේ නැති තත්ත්වයක් ඇති වී ඇති බවයි.

ජැක්සන් ඇන්තනීගේ පුත් අවමංගල්‍ය සභාවේදී හැගීම්බරව සිදු කළ කතාව තවමත් අල්ලා ගෙන සමාජ මාධ්‍ය ලොකු පිස්සුවක් නටමින් සිටින බවද කියා සිටියා.

මනුස්සයෙකුගේ මළ කුණක් විකුණගෙන කන ජාතියේ මල පෙරේතයෝ පිරිසක් බවට මේ සමාජය පත් වෙමින් තිබෙන බවද වැඩිදුරටත් සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: