hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2023 ඔක්‍තෝබර් 20, පෙ.ව. 12:01



වේදිකාවත්, සිනමාවත්, පුංචි තිරයත් දිග්විජය කළ ජැක්සන් ඇන්තනී, මෙරට කලා කෙත පෝෂණය කළ ප්‍රතිභාපූර්ණ රංගධරයෙක්, ගේය පද රචකයෙක්, අධ්‍යක්ෂවරයෙක්, නිෂ්පාදකවරයෙක්, ගුරුවරයෙක්, ගායකයෙක්, ලේඛකයෙක්, නිවේදකයෙක්, ඉතිහාස විශ්ලේෂකයෙක්, පරිසර ගවේෂකයෙක් මෙන්ම විශිෂ්ට මාධ්‍යවේදියකුද විය.

සම්මාන පිට සම්මානයන්ට පාත්‍ර වූ මේ අසහාය රංගධරයාණන්ගේ නික්මයෑම අප රටට, කලාවට පිරවිය නොහැකි පාඩුවක් වුවද ඔහුගේ මතක අප සිත් සතන් තුළින් කිසිදා නික්ම නොයනු ඇත.

ජැක්සන් ඇන්තනී යන නාමය සදා අමරණීයය.

මේ ආදරණීය, උතුම් ගති පැවතුම් ඇති රංගධරයාණන් තම ප්‍රාණය හා සමානව ආදරය කළ, තම එකම දියණිය වන මාධවී ඇන්තනී තම ආදරණීය අප්පච්චිගේ වෙන්වයෑම පිළිබඳ සෑහෙන්න මානසික පිඩනයකින් ඉන්නේ.

ඇන්තනී පවුල වෙනුවෙන් අවසන් වරට ඔබට කියන්න දෙයක් ඇති? යනුවෙන් ඇසූ පැනයට මාධවී ලබා දුන්නේ මෙවැනි පිළිතුරක්.

“විශේෂයෙන් මතක් කරන්න ඕනෑ අප්පච්චි කලකිරෙනකොට විහිළුවක් කරලා එයාගේ හිත හදපු, සතුටින් ඉද්දි එයත් එක්ක විහිළු කරලා ‘පුතා’ විරුධාවලිය දිනාගත් රෝහලේ හෙද කාර්යමණ්ඩලය සහ සාත්තු සේවක මහත්ම මහත්මීන් මගේ අප්පච්චිව බබෙක් වගේ බලාගත්තාට බොහෝ පිං. අප්පච්චිගෙ වියෝවෙන් පස්සෙ ඒ කටයුතු කරට අරන් වැඩ කරපු හැමෝටම ස්තූතියි. අප්පච්චිට ගෞරව දක්වන්න ආපු හැමෝටම ස්තූතියි. අප්පච්චි 2022 ජූලි 18 මොළයට හානි වූ සිද්ධියට පෙර 02 වැනිදා පළමු අනතුරින් පසු හොඳින් කතා කරමින් ඉද්දි නිතරම ඇහුවා ‘කෝ මගෙ ෆෝන් එක?, මට පෙන්නන්නකෝ පුතා. හැමෝම මට බනිනවද?’ කියලා. මොකද ඒ කාලේ අපේ ඇතැම් සහෝදර කලා ශිල්පීන් පවා ‘අලියාට ඉක්මන් සුව’ වගේ උපහාසාත්මක රිදවුම් ගුවන්ගත කරලා තිබුණා. ඒත් අප්පච්චි ඇස් පියාගත්තට පස්සෙ එයාලත්, අප්පච්චිගෙ රිදුම් බඩගෝස්තරේට ගත්තු social media දුශ්ටයෝ පවා අප්පච්චිගෙ ගුණ කිව්වා. ලිව්වා. අප්පච්චි ආදරේට කෑදර කෙනෙක්. එයා විශ්වාස කළා එයා මේ රටට ආදරේ නිසා මේ රටේ කවුරුත් එයාට වරදක් නොකරයි කියලා. අප්පච්චි කිව්වෙ ‘මල් රැගෙන එන්න මා ජීවත්ව සිටියදී’ කියලයි. අපි අන්ත අසරණව හිටිය කාලයක් ගෙවිලා ගියා. ඒ එක්කම අපට තිබුණු එකම එළිය නිවිලා ගියා. අප්පච්චිට, අපට වෙච්ච හැමදේම ගැන මගේ අවංක අත්දැකීම් ළඟදීම මම හැමෝටම කියනවා. මොකද දැන් අපට අහිමි වෙන්න ඊට වඩා වටින යමක් ඉතිරි වෙලා නෑ.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: