hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2023 ඔක්‍තෝබර් 21, පෙ.ව. 12:09



මේ වෙද්දි රටම සංවේදී කළ කාගෙත් මාතෘකාව බවට පත්වෙලා තියෙන්නෙ ප්‍රවීණ රංගන ශිල්පි ජැක්සන් ඇන්තනී කලාකරුවාගේ වියෝව.

කලක් තිස්සේ රෝගාතුරව සිටි ඔහු ආශිර්වාද තරමටම ලැබුණු විවේචන රැසක් මැදයි එලෙස අවසන් ගමන් ගියේ.

ඔහුගේ නික්ම යාම කලාවට යළි පිරවිය නොහැකි තරමේ විශාල හිඩැසක් බව නොරහසක්.

ජැක්සන් ඇන්තනී කලාකරුවාගේ වියෝව මේ වන විට ඔහුගේ පවුලේ සාමාජිකයින්ට පමණක් නොවෙයි මුලු රටටම ඒ අඩුව දැනී අවසන්.

ජැක්සන් ගැන ගොඩක් දෙනෙකුට තිබුණු ගැටළුව වුණේ ජැක්සන්ගේ ඇඳ.

මේ වෙනකොට ගොඩක් අයගේ තිබුණු ගැටලුවට සජිත ජැක්සන්ගේ අවමංගල්‍ය අවස්ථාවේදී ස්තූතියි කතාව කරමින් පිළිතුරු ලබා දුන්නා.

අපේ මිනිස්සු එතනිනුත් නොනැවති දැන් දිගින් දිගටම සජිතට ගහන්න පටන් අරන්.

මන්ත්‍රී විමලවීර දිසානායකත් ජැක්සන්ගේ වියෝව ගැන මාධ්‍ය හමුවේ අදහස් පළ කර තිබුණා.

‘පහුගිය දවස්වල ජැක්සන් නම් උදාර කලාකරුවා මිය ගිය වෙලාවේ ඔහුගේ වාහනය අනතුරට ලක්වුණු වෙලාවේ කිවුව වෙලාවේ මොකක්ද කිවුවේ? අලියාට මොකද වුණේ බලාපල්ලා කිවුවා. ෆේස්බුක් එකක ගහලා තිබුණා, ‘කුමාරි මුණසිංහට රෝන්දේ යන්න ජැක්සන් ඇන්තනී ඇඳක් උඩ තියනවා’ කියලා…’

‘ඊයේ අර කාන්තා රෝහලේ වෛද්‍යවරයෙක් කිවුවා, අලුතින් උපන් නිවුන් දරුවන් නිසා දැඩි සත්කාරය ඔවුන්ට වෙන් කරලා තියනවා කියලා. කවුරුහරි ඇවිත් කියනවා, අනිත් දරුවා බේරගන්න, මේ දරුවා අයින් කරපල්ලා කියන්න පුළුවන්ද? අර මහා රංගධරයා, ලේඛකයා…… ඒ මනුෂ්‍යයා මියගියාම ඔහුට කරපු අපහාස අවමාන.. ජැක්සන්ලා ලංකාවේ ඉන්නෙ එක්කෙනෙයි. අලි 5000ක් ඉන්නවා.’

කොහොම වුණත් එම අවස්ථාවේ ජැක්සන්ගේ පුතුන් අරගලයේ නිරත වීම ගැනත් මන්ත්‍රීවරයා අප්‍රසාදය පළ කර තිබුණා.

‘හැබැයි මම කියන්න ඔිනි. ඔය කියන නරිත් එක්ක ඒගොල්ලො ගෝල්ෆේස් එකේ අපිට හූ කිවුවා. ජැක්සන්ගේ පුත්තු දෙන්නා ඒ අරගලයේ හිටියා. ජැක්සන්ට ඉක්මන් සුව කියපු සන්නස්ගලවත් මරන් කන්න හැදුවා. කොහොටද මේ රට ගමන් කරමින් ඉන්නෙ….’





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: