hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2023 ඔක්‍තෝබර් 25, ප.ව. 12:58



මේ වෙද්දි රටම සංවේදී කළ කාගෙත් මාතෘකාව බවට පත්වෙලා තියෙන්නෙ ප්‍රවීණ රංගන ශිල්පි ජැක්සන් ඇන්තනී කලාකරුවාගේ වියෝව.

කලක් තිස්සේ රෝගාතුරව සිටි ඔහු ආශිර්වාද තරමටම ලැබුණු විවේචන රැසක් මැදයි එලෙස අවසන් ගමන් ගියේ.

ඔහුගේ නික්ම යාම කලාවට යළි පිරවිය නොහැකි තරමේ විශාල හිඩැසක් බව නොරහසක්.

ජැක්සන් ඇන්තනී කලාකරුවාගේ වියෝව මේ වනවිට ඔහුගේ පවුලේ සාමාජිකයින්ට පමණක් නොවෙයි මුලු රටටම ඒ අඩුව දැනී අවසන්.

ජැක්සන්ගේ අතීතය ගැන හෝ ජැක්සන්ගේ අතිශය පුද්ගලික දේත් ජැක්සන්ගේ මරණය හා සමඟ එළියට ඇවිත් තිබුණා.

ජැක්සන්ගේ මරණය ගැන ඔහුගේ බිරිඳ කුමාරි මුණසිංහ පුවත්පතක් සමඟ සාකච්ජාවකට එක්වෙමින් මෙසේ අදහස් දක්වා තිබුණා.

”ජැක්සන් අන්තරා වුණේ විසබීජයක් නිසා ඇතිවුණ නිව්මෝනියා තත්ත්වයකින්.ICU එකට සාමාන්‍යයෙන් රෝගියෙක් බලන්න යන්න දෙන්නෙ නෑනෙ පවුලෙ කීපදෙනෙක්ට ඇරෙන්න.අපි ඉතාම පිරිසිදුව ඒ ක්‍රියාපටිපාටිය කළේ.ඔය විසබීජෙ යනකල් අපි හරිම පරිස්සමෙන් ජැක්සන්ව බලාගත්තෙ.ජැක්සන්ව වෛද්‍යවරු, හෙදියො බලාගත්තෙ හරිම ආදරෙන්. දිගුකාලීනව ඇඳක ඉද්දි හැදෙන රෝගයක්වත් ජැක්සන්ට හැදුනෙ නෑ.නමුත් ජාතික රෝහලේම ඉන්න යූටියුබ්වලට සම්බන්ධ දොස්තර කෙනෙක් අපේ අවසරයක් නැතුව බොහොම පහත් විදිහට තීරණ අරගෙන ජැක්සන්ව බලන්න යන්න එක එක්නෙකාට ඉඩ දුන්නා. ඒ දොස්තර ලැජ්ජා වෙන්න ඕනෙ මේ කරපු දේ ගැන.

එයා ජැක්සන්ට වෙදකම් කරපු කෙනෙකුත් නෙවෙයි.මට රෝහලෙන්ම ආරංචි වුණා ඔය දොස්තර කට්ටියව ඇතුළට යැව්වා කියල ජැක්සන්ව බලන්න.තව කලාකරුවෙක් කියලා කියගාන්න යූටියුබ් චැනල් එකක් කරන කෙනෙක් ඒ විදිහට ජැක්සන්ව බලන්න ගිහින් දානවා වීඩියෝ එකක් “කුමාරි අක්කේ… මං ගියා ජැක්සන්ව බලන්න.නිකන් බොරු කියන්න එපා” කියල.කොහොමද එයා එහෙම ජැක්සන්ව බලන්න ගියේ ICU එක ඇතුළට?ඉතින් විසබීජ නොයා තියෙයිද? ජැක්සන්ගෙ ස්වභාවික ගමන මේක නෙවේ කියල මම හිතනවා.එයාට තව ආයුෂ තියෙනවා කියල හැමතැනින්ම කියල තියෙද්දි ඔහු නැතිවුණේ.

මට දරාගන්න බැරි ඒකයි. ප්‍රසිද්ධ මිනිස්සුන්ව විකුණගෙන සල්ලි හම්බකරගන්නෙ ඇයි මේ මිනිස්සු?ජැක්සන්ට කවුරුවත් බන්දේසියක තියල ප්‍රසිද්ධියක් දුන්නෙ නෑ.බොහොම සාමාන්‍ය පවුලක ඉපදිලා අමාරුවෙන් කට්ට කාගෙන ආපු ගමනක ප්‍රතිඵලය තමයි ජැක්සන් ඇන්තනී.එයා මේ තැනට එන්න වෙච්ච මහන්සිය ඉස්කෝලෙ කාලෙ ඉඳන් එයා එක්ක හිටපු මම දන්නවා.මම ආයුර්වේදය අත්හැරලා දැම්මෙ ජැක්සන්ට කැම්පස් වැඩවලට උදව් වෙන්න ඕන නිසා.නැත්නම් මම අද ආයුර්වේද වෛද්‍යවරියක්.එච්චර කැපකිරීමක් කරලා හදාගත්ත මනුස්සයව විනාස කරන්න තවත් ඉගෙනගත්තු මිනිස්සුම ඉදිරිපත් වුණ එක ගැන මට හරි පුදුමයි.රටේ මිනිස්සු කොච්චර ජැක්සන්ට බැන්නත් මං කාටවත් වෛර කරන්නෑ.හැබැයි මට මේ පුද්ගලයො දෙන්නා ගැන තියෙන්නේ පුදුම තරහක්…”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: