hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2023 ඔක්‍තෝබර් 26, පෙ.ව. 12:02



මේ ලෝකෙ තියෙන බැඳීම් අතුරින් ලස්සනම බැඳීම තමයි තාත්තා සහ දෝණි අතර තියෙන බැඳීම.

තාත්තා එහෙමත් නැත්නම් අප්පච්චි කියන්නෙ දුවෙක්ගෙ ලෝකේ එකම වීරයා. පළමු ආදරවන්තයා. සරලවම කිව්වොත් දුවෙක්ගෙ ලෝකෙම අප්පච්චි. අප්පච්චිගෙ ලෝකෙම දූ.

මේ කතාවට උදාහරණ ඕනෑ තරම්.

මෑතකාලීනව මේ ආදරණීය බැඳීම ගැන අපි දැක්ක සංවේදීම අත්දැකීම තමයි ජැක්සන් ඇන්තනී සහ මාධවී ඇන්තනී කියන අප්පච්චියි දෝණියි.

අප්පච්චි යන්නම යන්න ගියා. දෝණිට දැනෙන පාළුව, දුක වචනවලින් කියන්න බැරි තරම්…

මාධවී සිය පියා ගැන පුවත්පතකට අදහස් දක්වමින් මෙසේ සඳහන් කර තිබෙනවා.

”පළමු අනතුරෙන් පස්සෙ අප්පච්චි ජූලි 18 දක්වා අපි එක්ක හස්ත සංඥාවලින් කතා කළා. පුංචි බෝඩ් එකක ලිව්වා. අපි ලොකු විශ්වාසයකින් හිටියා අප්පච්චි සුවවෙයි කියලා. මොකද එයාගෙ සැත්කමින් පස්සෙ චලනවල ලොකු ප්‍රගතියක් තිබුණා. කතා කරන්න බැරුව හිටියේ එයාට හුස්ම ගන්න බටය දාලා තිබුණේ කටින් නිසා. එදා ඒ බටය ගලවන්න තීරණය කළාට පස්සෙ අප්පච්චිට දැඩි සත්කාර ඒකකයෙදි හුස්ම හිරවුණා. මොළයට හානියක් වෙන්න කලින් යළිත් හුස්ම බටය යොදාගන්න ඒ මොහොතේ බැරි වෙලා. ඒත් මොළය හානි වුණා මිසක් මැරුණෙ නෑ. අවසන් මොහොත දක්වාම අප්පච්චි සතුටු හිතෙන දෙයක් කිව්වම දත් පෙන්නලා හිනාවුණා.

හොඳින් ඇස් ඇරගෙන හිටියා. අපි යනවා කිව්වම කට ඇද කරලා දුක මූණක් පෙන්නුවා. ඈනුම් ඇරියා. කඳුළු ගලමින් ඇඬූ අවස්ථා තිබුණා. ඒවට මං ළඟ තියෙන වීඩියෝ සාක්ෂි. මං මළගෙදර ආපු බොහෝ අයට ඒවා පෙන්නුවා. ඒ අය පුදුම වුණා. මොකද අප්පච්චි කෝමා වෙලා නිද්‍රාශීලී බවින් වැතිරිලා ඉන්නවා කිව්වම එයාගෙ පෙනුම වැහැරිලා කියලා යූටියුබ් වෙළෙන්දෝ කිව්වා. අපි අප්පච්චි වෙනුවෙන් හැමදාම යාච්ඤා කළා. පිරිත් කිව්වා. ඒත් අප්පච්චිව බේරගන්න බැරි වුණා.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: