hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2023 ඔක්‍තෝබර් 26, පෙ.ව. 12:12



මේ වෙද්දි රටම සංවේදී කළ කාගෙත් මාතෘකාව බවට පත්වෙලා තියෙන්නෙ ප්‍රවීණ රංගන ශිල්පි ජැක්සන් ඇන්තනී කලාකරුවාගේ වියෝව.

කලක් තිස්සේ රෝගාතුරව සිටි ඔහු ආශිර්වාද තරමටම ලැබුණු විවේචන රැසක් මැදයි එලෙස අවසන් ගමන් ගියේ.

ඔහුගේ නික්ම යාම කලාවට යළි පිරවිය නොහැකි තරමේ විශාල හිඩැසක් බව නොරහසක්.

ජැක්සන් ඇන්තනී කලාකරුවාගේ වියෝව මේ වනවිට ඔහුගේ පවුලේ සාමාජිකයින්ට පමණක් නොවෙයි මුලු රටටම ඒ අඩුව දැනී අවසන්.

ජැක්සන්ගේ අතීතය ගැන හෝ ජැක්සන්ගේ අතිශය පුද්ගලික දේත් ජැක්සන්ගේ මරණය හා සමඟ එළියට ඇවිත් තිබුණා.

ටෙරී ජයසිංහ ජැක්සන් ගැන මතකය අලුත් කරමින් සිය මුහුනුපොතේ සටහනක් තබා තිබුණේ මෙලෙසයි.

නොමියෙන

මතක

දවසක් මට කතා කෙරුව

අයියෙ කොළඹ ආපු වෙලාවක මට කතා කරල

මගේ ඔෆිස් එකට වරෙන් මට උඹ ඉක්මනින් හමුවෙන්න උවමනාවක් තියෙනව..

එහෙම call එන්නෙ නෑ..

මම ඒ වෙනුවෙන්ම තැනත් අහගෙන නුගේගොඩට ගිහින් කතා කෙරුව..මං එළියෙ වැඩක ඉන්නෙ ඉක්මනිනින් එනවා..මග හරි ගිහින් එතන හරි ඉන්න

..වැඩක් කිව්වට වැඩ තුන හතරක් කරල තමයි එන්නෙ කියල දන්න නිසා මම ඔෆිස් එක ලඟට ගිහින් හිටිය..

ආවා

ඇවිත්වාහනෙන් බැහැල උඩට යන්න ලෑස්ති වෙනගමන් සාක්කු දෙකට අතදාලා…

යතුර ගෙනත් නෑනෙ….අපි මෙහෙම කතා කරමු..

ඉදිරියේදී කරන චිත්‍රපටියට මට චරිතයක් තියෙන බවත් .ඇඟ පොඩ්ඩක් අඩුකර ගනින් ආදී තව විස්තරත් කතාකරල..මාව නුගේගොඩට දාල ආයෙමත් තව වැඩකට දිව්ව

කාලය ආවම අකිල .සජිත.පුතාලා දෙන්නත් එක්ක මමත් බිබිලෙට ගියා.. සුබ මොහොතින් වැඩ පටන් ගත්ත…

හැමදාම උදේට අනෙක් අය ෂූටිං යනකොට

ටෙරී අයියත් එක්ක යන්න කිව්ව කියල සරත් සේනාරත්න මල්ලි අපේ සහාය අධ්‍යක්ෂක තුමා

මාවත් ගෙනියනව…දවස් පහක් විතර ඔහොම අරන් ගියා මමත් ගිහින් රූපගතකිරීම් බලමින් හැමෝම දැන හඳුනා ගනිමින් හිටිය..

කාලෙකින් රඟපාල නොතිබුන නිසා මගේ හිතේ තිබුන විචිකිච්චාව දුරුවෙමින් කවදාද මගේ රූප ගතකිරිම් කරන්නේ කියන නොයිවසිලි ගතිය මට ඇතිවෙමින් තිබුනා..

රූප ගතකිරීම් කෙරුව..මාව වාතයක් උනේ නෑ කියන එක මට දැනුන…

ඒ ගැන කවදාවත් ජැක්සන් වත් සරත් වත් මට නොකීවත් මම තේරුම් ගත්තා මාව ෂූටින් නැතුව එහි එක්කන් ආවේ ලොකු අර්ථයක් ඇතුවයි කියන එක ..

චිත්‍රපටියෙ වැඩ කටයුතු ඉවර වෙලා තිරගකිරීම් කරන්න සූදානමින් ඉන්න දවසක

මට කිව්ව…ෆිල්ම් එක රිලීස් වෙන දවසට උඹ මගෙ ලඟින් ඉන්ඳෝගෙන මිනිස්සුන්ගෙ ප්‍රථිචාර බලන්නයි මට ඕනෙ..

එදාට තිරය දිහා නොබල මං උඹේ මූණ දිහා බලා ඉන්නව කියල මං කිව්ව…

ඉදිරියේදී තිරගතවෙන දවසක් එයි

මං තනියෙන් අඬයි..





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: