hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2023 ඔක්‍තෝබර් 26, පෙ.ව. 12:07



මේ වෙද්දි රටම සංවේදී කළ කාගෙත් මාතෘකාව බවට පත්වෙලා තියෙන්නෙ ප්‍රවීණ රංගන ශිල්පි ජැක්සන් ඇන්තනී කලාකරුවාගේ වියෝව.

කලක් තිස්සේ රෝගාතුරව සිටි ඔහු ආශිර්වාද තරමටම ලැබුණු විවේචන රැසක් මැදයි එලෙස අවසන් ගමන් ගියේ.

ඔහුගේ නික්ම යාම කලාවට යළි පිරවිය නොහැකි තරමේ විශාල හිඩැසක් බව නොරහසක්.

ජැක්සන් ඇන්තනී කලාකරුවාගේ වියෝව මේ වනවිට ඔහුගේ පවුලේ සාමාජිකයින්ට පමණක් නොවෙයි මුලු රටටම ඒ අඩුව දැනී අවසන්.

ජැක්සන්ගේ අතීතය ගැන හෝ ජැක්සන්ගේ අතිශය පුද්ගලික දේත් ජැක්සන්ගේ මරණය හා සමඟ එළියට ඇවිත් තිබුණා.

මාධවී පුවත්පතක සාකච්ජාවකට එක්වෙමින් සිය පියා සමබන්ධයෙන් මෙසේ අදහස් දක්වා සිටියා.

”මගෙ අප්පච්චි බොහොම නිහතමානී කෙනෙක්. ආදරේ මහ ගොඩක් දුන්නු, අනික් අයගෙ දුක තේරුම් ගත්තු, නවක නිර්මාණකරුවන්ට උදව් කරපු කෙනෙක්.පිරිසක් අප්පච්චිව රටේ වැරදිවලට වැරදිකාරයා කරද්දි අප්පච්චිව පාවිච්චි කරපු පිළේ අයත් ඒ හැම වරදක්ම අප්පච්චි පිටින් දාලා අත හෝදගත්තා.නමුත් බහුතරයක් සාමාන්‍ය මිනිස්සු මගෙ අප්පච්චිට හරි ආදරෙයි.අප්පච්චි හැමදාම කිව්වෙ මම කරන්නෙ වැඩේ හදාගන්න එක මිසක් හිත හදාගන්න එක නෙවෙයි කියලා.

අප්පච්චි කලාව වෙනුවෙන් ජීවත් වෙලා කලා නිර්මාණයක් අතරතුරදීම අනතුරට පත් වුණා.දේශපාලනික සම්බන්ධයක් හේතුවෙන් අප්පච්චි කරගත්තු එකම වාසිය රාගම පොඩි වී කුඹුරේ ඉතා අබලන් වෙලා තිබ්බ මහා මාර්ග ටික සංවර්ධනය කරවගත්ත එක.ඒ නිසයි කාට කාටත් තමුන්ගෙ ළමයින්ව ගේ ළඟින්ම පාසල් බසයට නග්ගන්න පුළුවන් වුණේ.ඒ කාලෙ අපිව ගන්න ඒවා ආවෙ නෑ පාර කැඩිලා කියලා. අපි මහ පාරට පයින් ගියේ.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: