hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2023 ඔක්‍තෝබර් 30, පෙ.ව. 12:04



මේ වෙද්දි රටම සංවේදී කළ කාගෙත් මාතෘකාව බවට පත්වෙලා තියෙන්නෙ ප්‍රවීණ රංගන ශිල්පි ජැක්සන් ඇන්තනී කලාකරුවාගේ වියෝව.

කලක් තිස්සේ රෝගාතුරව සිටි ඔහු ආශිර්වාද තරමටම ලැබුණු විවේචන රැසක් මැදයි එලෙස අවසන් ගමන් ගියේ.

ඔහුගේ නික්ම යාම කලාවට යළි පිරවිය නොහැකි තරමේ විශාල හිඩැසක් බව නොරහසක්.

ජැක්සන් ඇන්තනී කලාකරුවාගේ වියෝව මේ වනවිට ඔහුගේ පවුලේ සාමාජිකයින්ට පමණක් නොවෙයි මුලු රටටම ඒ අඩුව දැනී අවසන්.

ජැක්සන්ගේ අතීතය ගැන හෝ ජැක්සන්ගේ අතිශය පුද්ගලික දේත් ජැක්සන්ගේ මරණය හා සමඟ එළියට ඇවිත් තිබුණා.

ජැක්සන් ඇන්තනීගේ දියණිය මාධවී වත්සලා පුවත්පතක සාකච්ජාවකට එක්වෙමින් සිය පියා සම්බන්ධයෙන් මෙසේ අදහස් දක්වා සිටියා.

”මුලින් ඒ කතාව කරන්න මට පැවරුණත්, මම ඒ කතාවට සම්බන්ධ වුණේ නැත්තේ ඒ මොහොතේ ඒ කටයුත්ත කරන්න මට නම් හයියක් නොතිබුණු නිසා. චූටි මල්ලි සජිතට මමත්, ලොකු මල්ලි අඛිලත් ස්තූතිවන්ත වෙනවා එදා ඒ වගකීම භාරගත්තට.කෙසේ වෙතත් අපේ අප්පච්චි වගේ අප්පච්චි කෙනෙක් අහිමි වුණු වේදනාව, ඒ පීඩනය, ඒ ආත්මීය කම්පනයේ තරම දන්නා මානුෂීය වැඩිහිටියෙක්, කාගේ හෝ පරාර්තකාමී අප්පච්චි කෙනෙක් නම් කවදාවත් ඒ වගේ මොහොතක ඔහොම ඕලාරික චෝදනාවක් එල්ල කරලා අපිව තවත් අපහසුතාවට පත් කරන්නෙ නෑ.

සරලවම අපේ අප්පච්චි නම් කිසිදාක කිසිවකුට ඔහොම කරන්නෙ නෑ.ස්තූතියක් හෝ ප්‍රවර්ධනයක් බලාපොරොත්තුවෙන් යමක් කරපු යම් යම් ආයතන හෝ පුද්ගලයන්ගේ හිත් රිද්දන්න හිතාගෙන මල්ලි ඔය කතාව කළෙත් නෑ.මම දන්නා හැටියට ඒ සඳහා ඔහු කිසි සූදානමක් වුණෙත් නෑ.දිනූෂා අක්කා නම් ලැයිස්තුවක් ලියා දී තිබුණත් කඳුළින් බොඳ වූ ඇස් නිසා ඒක හරිහැටි කියවාගන්න බැරි වෙන්න ඇති.අන්තිමට ළඟ හිටපු ඉරේෂ් මල්ලිගෙ නමත් අපි ඒ මොහොතේ මතක් කරලායි කියෙව්වෙ.අනික සරලවම, ජැක්සන්ගේ දරුවන් කියලා මතක් කරපු හැම තැනකදීම මං ගැන සඳහන් කරන්න අමතක කරපු සමහරු මල්ලිගෙ කතාවේදී තමුන්ගේ නම නෑසීම ගැන අවධානය යොමු කිරීම උපහාසාත්මකයි.එයාට තුන් දෙනෙක් අතරින් මාව මිස් වුණා වගේ මල්ලිට දහසක් දෙනා අතරින් ඔහුව මිස් වෙන්න ඇති.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: