hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2023 නොවැම්‍බර් 02, ප.ව. 3:56



මේ වෙද්දි රටම සංවේදී කළ කාගෙත් මාතෘකාව බවට පත්වෙලා තියෙන්නෙ ප්‍රවීණ රංගන ශිල්පි ජැක්සන් ඇන්තනී කලාකරුවාගේ වියෝව.

කලක් තිස්සේ රෝගාතුරව සිටි ඔහු ආශිර්වාද තරමටම ලැබුණු විවේචන රැසක් මැදයි එලෙස අවසන් ගමන් ගියේ.

ඔහුගේ නික්ම යාම කලාවට යළි පිරවිය නොහැකි තරමේ විශාල හිඩැසක් බව නොරහසක්.

ජැක්සන් ඇන්තනී කලාකරුවාගේ වියෝව මේ වනවිට ඔහුගේ පවුලේ සාමාජිකයින්ට පමණක් නොවෙයි මුලු රටටම ඒ අඩුව දැනී අවසන්.

ඔහුගේ ආදරණීය දියණිය මාධවී සිය පියාගේ වියෝවෙන් තැවෙන බව නොරහසක්.

ජැක්සන් ඇන්තනිගේ මරණය විකුණන් කෑ බැව් කියමින් සුදත්ත තිලකසිරිට මාධවී සහ මාධවීගේ මව චෝදනා කළා.

ඒ වගේම ජැක්සන්ගේ අවමංගල සභාවේදී සජිත අනුත්තර ද දන්තාලේප නමක් තියෙන යූටියුබ් නාලිකාවලට චෝදනා කළා.

මේ සියලු චෝදනාවලට පිළිතුරු දෙමින්, සුදත්ත තිලකසිරි ඔහුගේ යූටියුබ් නාලිකාවට වීඩියෝ කිහිපයක් එක් කර තිබෙනවා.

එහිදී ඔහු ජැක්සන්ගේ එකම දියණිය වුණ මාධවී සම්බන්ධයෙන් මෙලෙස අදහස් දක්වා තිබෙනවා.

“ජයන්ත චන්ද්‍රසිරි දැනන් හිටියා එදා රණවිරු ස්ටාර් එකේ ජැක්සන් කියපු කතාව ගැන. මගේ අර්ථකතනය නම් එයා ඒ කතාව කළේ දරුවෝ ඔයාට තියෙන ආදරේට. මොකද්ද ආදරේ, ඔයාගේ තාත්තා අම්මා කැමැත්තෙන් හිටියා, ඔයාව ලොකුම තැනකට දීග දෙන්න. ඔබ නාමල් රාජපක්ෂ ව විවාහ කරගන්න ගියා කියන එක ප්‍රසිද්ධයි. ඒක ලෝකෙ දන්නවා. ඒ සඳහා තමයි ආදරණීය තාත්තා ඔයා වෙනුවෙන් ඒ කතාව කළේ. රජ පවුලට ඔබව විවාහ කරදීමේ තාත්තාගේ බලාපොරොත්තුව ඒක. ඔබත් දන්නවා, කුමාරි අක්කත් දන්නවා.ඔයාලා කියනවා දේශපාලනයෙන් කිසි දෙයක් ලබාගත්තෙ නෑ කියලා. මාගම්පුර වරායට දිය පුරවන වැඩසටහන කළේ නිකම් නෙවෙයි පුතේ. හම්බකරගත්තෙ නෑ කියනව නම් ඒක කේබරයක්. ඒ වුණාට මම නැවතත් කියන්නෙ ජැක්සන්ට දොස් කියන්න එපා.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: